සමුර්දි නියාමක බිරිදට පක්ෂපාති වෙමින් අගලවත්ත පොලිසිය පුරවැසියන්ට හිරිහැර කරයි.



හර්ෂි සි. පෙරේරා 

කුඩලිගම විතානගේ රත්නසිරි 51 හැවිරිදි විවාහක සිවු දරු පියෙකි. රැකියාව වෙළදාම වේ. ඩේවිඩ් මාවත අගලවත්තේ පදිංචිව සිටි. ඔහු 2012.11.29 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර දිස්ත්‍රික් ලේකම්ට ලිකිතව පැමිණිලි කළේය. ඒ ඔහු ඇතුළු නිවෙස් 04 කට යන අඩි 03 ක පාර අවහිර නොකරන ලෙසයි. ඒම අවහිරය සිදු කරන්නේ උපාලි ගල්පාය සහ කුමාරි යන අයයි. උපාලි ගල්පාය ග්‍රාම නිලදරිවරයෙක් වන අතර ඔහුගේ බිරිද කුමාරි සමුර්දි නියාමකවරියකි. අගලවත්ත පොලිසිය ඔවුන්ට පක්ෂපාති වෙමින් කටයුතු කරනු ලැබේ. -->