බොරු නඩු වලට නිවැරැදිකරු කිව්වාම කොස්ගොඩ පොලිසිය අපෙන් පළිගන්නවා.



හර්ෂි සි. පෙරේරා

 2012.11.26 දින මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට යොමු කරන්නේ මොරටු බඩහැල දයානන්ද විසිනි. හෙතෙම 38 හැවිරිදි විවාහක තිදරු පියෙකි. රැකියාව මල්පෝච්චි නිපදවීමය. හෙතෙම වතුරවෙල, කොස්ගොඩ පදිංචිව සිටි. 2012.11.17 දින ඔහුගේ සොහොයුරා වන අජිතව කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා නගා අදිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. ඒ හෙරොයින් මිලිග්‍රෑම් 712 ක් ජාවාරම් කිරීම ගැනයි. ඔවුන් පවසන ආකාරයට මෙසේ වියාජ චෝදනා මත නඩු පවරන්නේ ඔවුන්ගේ පියා සමග ඇති අමනාපයක් නිසාය. ඔවුන්ගේ පියාට නීතිවිරෝදී මත්පැන් අලෙවිය සම්බන්දයෙන් චෝදනා රැසක් තිබිණි. ඒවාට එරෙහිව නඩු පවරන්නේ අජිතට සහ දයනන්දටය. ඔවුන් ඒවාට තමන් නිවැරදිකරු බව කිහිපවිටක්ම ප්‍රකාශ කර ඇත. දයානන්ද එසේ තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කල වියාජ නඩු දෙකක අංක 2713 හා 10965 වේ. මේවට පලිගැනීමට කොස්ගොඩ පොලිසිය ඔවුන්ට බොරු නඩු දමයි. කොස්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක සොයිසා සහ ජනක පස් හය වතාවක්ම ඔවුන්ට කුඩු හෝ බෝම්බ දමා රිමාන්ඩ් කරන බවට තර්ජනය කර ඇත.  -->