පොලිස් අබ්යාස විද්‍යාලයේ කොස්සා නිල බලයෙන් වැඩ පෙන්වයි.



හර්ෂි සි. පෙරේරා

ඉඩම් ආරවුලකට දෙවරක් ගුණසේකර මහතාට සහ ඔහුගේ පුත් සංජය ගුණසේකරට පහරදී මෙසේ වැඩ පෙන්වුයේ කළුතර පොලිස් අබ්යාස විද්‍යාලයේ උප පොලිස් පරීක්ෂක යු කේ දී සංජය දුමින්දය. මෙසේ පිඩාවට පත්වුයේ නවසිංහ මුදියන්සේලාගේ ගුණසේකර ය. ඔහු 63 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. තේ වත්ත , ගමගොඩ, කළුතර පදිංචිව සිටි. ඔවුන්ට මෙම පොලිස් පරීක්ෂක පවුද්ගලිකව හිංසා කරන්නේ සිය නිල බලය උපයෝගී කර ගෙනය. ඒ ඉඩම් ආරවුලක් සම්බන්දයෙනි. මෙම නීතිවිරෝදී ක්‍රියාවන්ට එරෙහිව පොලිසියට කරන පැමිණිලි වලින් මේවනතෙක් කිසිදු වැඩක් වී නැත. ගුණසේකර මහතා 2012.11.26 දින නැවත වරක් සහනයක් අපේක්ෂාවෙන් මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, පොලිස් සහන මැදිරියට, කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිට සහ අද්‍යක්ෂ පොලිස් අබ්යස විද්‍යාලය කළුතර වෙත ලිකිතව පැමිණිලි කර සිටියේය.  -->