රාජපක්ස නිතිය:- මුන්දලම පොලිසිය මාරක රිය අනතුරක් යට ගැසීමට යත්න දරයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
2012.10.08 දින මානව හිමිකම් කොමිසමට මෙම ලිකිත පැමිණිල්ල ඉදිරිපත් කලේ සේනානායක මුදියන්සේලාගේ සමන් උදය කුමාර පෙරේරාය. හෙතෙම 36 හැවිරිදි සිවු දරු පියෙකි. රැකියාව කම්කරුය. 10 කණුව, පුබුදුගම, මදුරන්කුලියේ පදිංචිව සිටි. 15 හැවිරිදි රනිල් සංජිව පෙරේරා ඔහුගේ පුතා වේ. හෙතෙම මුන්දලම සිංහල විදුහලේ 10 වන වසරේ ඉගෙනුම ලබයි. 2012.03.16 දින ඔහුගේ පුතා කඩයක් අසල පාපැදිය නතර කර සිටි අවස්ථාවේ ටිපර් රථයක් පැමිණ ගැටීමෙන් බරපතල තුවාල සිදුවී ඇත. එම වාහනයේ හිමිකරු මොරටුව අගුලානේ පදිංචි චීන ජාතික ඩනි කුයිලින් බවත් වාහනේ අංකය w p l d 9548 බවත් රියදුරාගේ නම ග්‍රේෂන් ඉන්දික සිරිවර්දන බවත් පසුව හෙළිදරවු වී තිබේ. ඔහුගේ පුතා මුන්දලම රෝහලෙන්, හලාවත රෝහලින් සහ කොලබ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත. මුන්දලම පොලිසිය මේ ගැන නඩුවක් පවරා ඇති බව ප්‍රකාශ කරන මුත් ඒ පිළිබද තොරතුරු වසන් කරමින් අගතියට පත් පාර්ශවය දිගින් දිගටම පිඩාවට පත්වන අයුරින් කටයුතු කරමින් තිබේ. මේ වන විට අනතුරට බාජනය වූ දරුවාගේ ඇස් පෙනීම ඉතා දුර්වලව ඇති බවත් මතක ශක්තිය හීනවී යාන්තමින් අල්ලාගෙන ටික දුරක් යාහැකි අතර කිසිදු වැඩක් තනිවම කර ගත නොහැකිව ඉතා අසාද්‍ය තත්වයේ පවතින බව වාර්තා වේ. පොලිසිය පුත්තලම මහේස්ත්‍රාත් අදිකරණයේ පවරා ඇති නඩුවේ අංකය බි ආර් 353/12 කියනු ලැබේ. -->