මරාගේ එන් ජි ඕ බිතිකාව.

 
 
හර්ෂි සි. පෙරේරා
 
අදිකරණ සේවා කොමිසම් සබාවේ ලේකම්ට පහරදීමේ සිද්දියට එරෙහි උද්ගෝෂණ වලට පසුව මරා රෙජීමයේ එන් ජි ඕ බිතිකාව උත්සන්න වී ඇත. මේ පනත අලුත් කිරීම වූකලී එහි අලුත්ම මර්දනයයි. මෙරට ආණ්ඩුවේ අක්‍රමිකතා දුෂණය මර්දනය සහ ජනතා අයිතීන් කප්පාදුව සම්බන්දයෙන් රටේ විපක්ෂය ඉටු නොකරන කාර්යබාරයක් රාජ්‍ය නොවන සංවිදාන ඉටු කරනු ලබයි. මේ තත්වය රාජපක්ස ආණ්ඩුවේ කුඩුකේඩුකම් වලට තවදුරටත් ඉවසා සිටීමට නොහැකිව ඇත. ඒ තත්ත්ව මෑතකදී නව පනත් හදුන්වාදීමේ සිට පවත්නා පනත් අලුත් කිරීම දක්වා පෙන්නුම් කරන තදියම ඔස්සේ මැනවින් පිලිබිබු කරයි.
 
"විවිධ අක්‍රමිකතා සිදු කරන රාජ්‍ය නොවන සංවිධානයන්ට එරෙහිව වැට බැඳීම සඳහා රාජ්‍ය නොවන ආයතන පනත සංශෝධනය කිරීමට රජය සූදානම් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ‘සිළුමිණ’ ට පැවැසීය.
 
රාජ්‍ය නොවන සංවිධාන (N.G.O.) සම්බන්ධ පනතේ දැනට පවතින අඩුපාඩු සකස් කිරීමටත් එමඟින් අධීක්ෂණයට ලක් නොවන රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණයට ලක් කිරීමටත්, මෙරට ලියාපදිංචි කැර නොමැති රාජ්‍ය නොවන සංවිධානවලට ගලා එන මුදල් අනිසි ලෙස යොදවන අවස්ථා වළකා එම සංවිධාන වලට විරුද්ධව කටයුතු කිරීමටත්, රටට අවැඩදායි, සංවර්ධනයට බාධාකාරී රාජ්‍ය නොවන සංවිධාන විධිමත් කිරීමටත් මේ සංශෝධිත පනත හරහා අපේක්ෂා කැරේ.
 
බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වලට ගලා එන මුදල් යෙදවෙන්නේ රටේ සංවර්ධනයට නොව ඒ ඒ නිලධාරීන්ගේ සුබසාධනයට බව පැවැසූ ලක්ෂ්මන් හුළුගල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කැර සිටියේ මෙමඟින් රටේ සංවර්ධනයට අවංකවම කැපවෙන ලියාපදිංචි වීමකින් යුතුව රටේ නීතියට අනුකූලව පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයන්ට කිසිදු හිරිහැරයක් නොවන බවයි. පනත සංශෝධනය කිරීමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කොට ඇත." -->