බණ්ඩාරගම පොලිසිය සුපුරුදු ලෙස 19 හැවිරිදි තරුණයකුට දෙතිස් වද දෙයි.



හර්ෂි සි. පෙරේරා

ඔහු කිරුලපනගේ රුමේෂ් පද්මකුමාරය. 19 හැවිරිදිය. අවිවාහකය. කම්කරුවකු ලෙස රැකියාව කරයි. 2012.10.19 දින දහවල් ඔහුව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් දෙතිස් වද දී අැත උරහිස පිටුපසට වන සේ අත් දෙක තබා මාංචු දමා එම ඉරියවුවෙන් බොහෝ වෙලාවක් තබා තිබේ. පසුව අත් දෙක සහ කකුල් දෙක තෙත රෙදි පාන්කඩයකින් ගැට ගසා ඒ අතරින් පොල්ලක් යවා අල්මාරි දෙකක් උඩ පොල්ල තබා සිරුර පහලට එල්ලෙන ලෙස බොහොවෙලාවක් නිරුවතින් තබා තිබේ. පසුව පහරදී ඇගේ සෑම තැනකටම ඇස් ද ඇතුළුව කොච්චි ඉස්ම දමා ඇත. මෙසේ දෙතිස් වද දෙමින් ප්රීශ්න කර ඇත්තේ ෆෝන් හොරකමක් ගැනයි. පසුව බණ්ඩාරගම දිසා රෝහලට ගෙන ගොස් වයිද්යවරියකට පෙන්වා චීට් එකක් ලබා ගෙන ඇත. 2012.10.21 දහවල් පොලිස් ඇප මත මුදා හැර තිබේ. -->