වසන්තාගේ කතාව තව සිය දහස් දෙනෙකුගේ ද කතාවයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
බිලින්ගහමුල ගෙදර වසන්තා කුමාරි 31 හැවිරිදි විවාහක සිවු දරු මවකි. අංක 65/34 අක්කර 12 සිලිටන් වත්ත මිවනපලන හාදු පැල්පොල පදිංචිව සිටි. ගෝවින්ද රාජ් විජයකුමාර 35 හැවිරිදි රැකියාව වෙළදාම කර ගත් ඇගේ සැමියා වේ. 2012.10.11 දින ඔහු ගෙදරින් පිටව ගිය පසු නොපැමිණීම නිසා සොයා බලන විට හොරණ පොලිසියේ සිටින බව දැන ගැනීමට හැකිවී තිබේ. හොරණ පොලිසියේ නිලදාරීන් ඔහුට වදහිංසා පමුණුවා වියාජ නඩු දෙකක් ගොනු කර රක්ෂිත බන්දනාගාර ගත කර ඇත. උසාවියේදී පොලිස් නිලදාරියකු කියා ඇත්තේ නඩුව දුර දිග ගෙනයාමෙන් වැලකි වරද පිළිගන්නා ලෙසයි. වසන්තාගේ සැමියාව මෙලෙස නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා වියාජ චෝදනා මත රක්ෂිත බන්දනාගාර ගත කරන්නේ හොරණ අදිකරණයේ සේවය කරන සෝමා යන අයගේ අවශ්‍යතාවයටය. වසන්තා මේ පිලිබදව 2012.10.18 දින මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට ,පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිට සහ බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්ට ලිකිතව පැමිණිලි කළාය. -->