ජෙරල්ඩ් මර්වින් වධහිංසා නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩු විභාගයක්‌

 
2012 ඔක්තෝබර් 18 වෙනි දින, කොළඹ. ශ්රී ලංකා අභියාචනා අධිකරණය අද දින ජෙරල්ඩ් මර්වින් පෙරේරා වධ හිංසා නඩුව නැවත විභාගයට ගන්නා ලෙස නියෝග කළේය. අද දින අභියාචනා අධිකරණය මෙම නඩුවේ විත්තිකරුවන් වූ එමි.සුරේෂ් ගුණසේන,ජ.අ. නලින් චන්දිමාල් ජයසින්හ, H.A.P.D. පෙරේරා සහ H.K.A.M. හේරත් යන චුදිතයන් සම්බන්ධව කලින් දී තිබු තීන්දුව අහෝසි කරන ලදී.තවද E.A.A. තුෂාන්ත සහ A.M.V. බණ්ඩාර යන චුදිතයන් දෙදෙනා නිදහස් කිරීම අභියාචනා අධිකරණය විසින්ද අනුමත කරන ලදී.
 
2002 වර්ෂයේ ජුනි දෙවෙනි දින සිදුවූ ජෙරල්ඩ් පෙරේරා වධ හිංසා සිද්ධියේ වග උත්තරකරුවන්වූ මෙම සියලු පොලිස් නිලධාරින් එවකට වත්තල පොලිස් ස්ථානයේ සේවය කළහ. මිගමුව මහාධිකරණ විනිසුරු , J.M.T.M.P.U. තේන්නකෝන් මහත්මිය , 2008 අප්රිවයෙල් මස දෙවෙනි දින මෙම විත්තිකරුවන් හය දෙනාම නිදොස් කර නිදහස් කරන ලදී.
 
අද දින අභියාචනා අධිකරණයෙදී එහි සභාපති, සිසිර ද ආබ්රෙසව් මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු K.T. චිත්රීසිරි මහතා විසින් මෙම චුදිතයන් හතර දෙනාගේ නිදහස් කිරීමේ තීන්දුව අහෝසි කර නැවත විනිශ්චය කිරීම සදහාවූ නියෝගය පනවන ලදී. වත්තල පොලිස් ස්ථානය විසින් වැරදි හදුනාගැනීමක් මත අත් අඩංගුවට ගත් ජෙරල්ඩ් පෙරේරා මහතාට කුරිරු වධ හිංසා පමුණුවන ලදැයි හෙතෙම පැමිණිලි කරන ලදී.අත් අඩන්ගුවට පත් වීමෙන් පසුව ඔහුව පොලිස් ස්ථානයේ වහලයේ බීම් එකක එල්ලා යකඩ පොලු වලින් පහර දී වධ හිංසා කරන ලදැයිද හෙළි විය.එම දරුණු පහර දීමේ ප්රලතිපලයක් ලෙස ඔහු වකුගඩු (වුක්ක අකරණය) නමි රෝගී තත්වයට පත්වී, සිහිසුන්ව සති දෙකක කාලයක් සිහි මුර්ජාවී සිටියේය.ඔහු බේරා ගන්නා ලද්දේ කොළඹ නවලෝක මහා රෝහලේ වෛද්යබ වරුන්ගේ අප්රහතිහත ප්රේයත්නය නිසාය.
 
හෙතෙම මෙම ආරෝග්යරශාලාවේ මස ගණනාවක් නේවාසිකව සිටි අතර එම කාලය පුරාම පහර දීම නිසා ඔහුගේ සිරුර පුරාම තිබුණු තුවාල වලට ප්රණතිකාර කරන ලදී. මෙය විබාග කල විනිසුරු තුමිය මෙම නඩුවේ චුදිත පොලිස් නිලධාරින් විසින් මොහු අත් අඩංගුවට ගත් බවත්, මොහු ලබා තිබු තුවාල පොලිස් ස්ථානයේදී අත් අඩංගුවට පත් අවස්ථාවේදී සිදුවූ බවත් ඔප්පුවූ බවට සදහන් කලද, අවසානයේදී කුමන පොලිස් නිලධාරින් මොහුට පහරදීම සිදු කලාද යන්නට කෙලින්ම සම්බන්ධ සාක්ෂියක් නොමැති බව පවසා චුදිත නිලධාරින් නිදහස් කරන ලදී.
 
මෙයට පළමුව, මෙම පොලිස් නිලධාරින් සියලු දෙනාම ශ්රී් ලන්කාවේ ශ්රේමෂ්ඨාධිකරණය විසින් මෙම ජෙරල්ඩ් පෙරේරාට වධ හිංසා කිරීමට වැරදිකරුකරු කර (මුලික අයිතිවාසිකම් නඩුවේදී) වන්දි ප්ර දානය කර තිබුණි. ජෙරල්ඩ් පෙරේරා ඝාතනය කරන්නේ ඔහුට වධ හිංසා කිරීමට එරෙහිව පොලිසියට පවරා තිබුණු අපරාධ නඩුවේ ඔහු සාක්ෂි දීමට නියමිත දිනට සතියකට පෙරය. පළමු විත්තිකරු M. සුරේෂ් ගුණසේන සහ තවත් අයෙකුට එරෙහිව ජෙරල්ඩ් ඝාතන නඩුව වෙනම පවරා තිබෙන අතර එය තවමත් විභාග වෙමින් පවතී. බර්නාර්ඩ් පිටර්සන් මහතා සමග දෙටු නීතිවේදී , රන්ජන් මෙන්ඩිස් මහතා අභියාචනය වෙනුවෙන් පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් , නියෝජ්යට සොලිසිටර් ජෙනරල්, අයේෂා ඥානදස පෙනී සිටින ලදී.
 
වාර්තාව: කිංස්ලි කරුණාරත්න . -->