රණවිරු බිරිදට ලිංගික අතවර කිරීමට තරම් දේවගිරිය ග්‍රාම නිලදාරී නීච වෙයි.



හර්ෂි සි. පෙරේරා
 
අරලිය කන්කානම්ගේ ලාලනී කුමාරි 35 හැවිරිදි දරුවන් තිදෙනෙකු සිටින වැන්දබු කාන්තාවකි. අංක 275/2, දෙවගිරිගම, දේවගිරිය, මාතලේ පදිංචිව සිටි. මිල්රෝයි තිලක් කරුණාරත්න ඇගේ සැමියා වේ.
 
ඔහු 07, ගැමුණු බලඇණියේ සේවය කරමින් සිටියදී 2006 සැප්තැම්බර් 03 දින සම්පුර්හි ක්‍රියාන්විතයේදී මියයන ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 36 කි. ඇය ඔහු සමග විවාහවී දැනට අවුරුදු 19 ක් පමණ වේ. දරුවන්ගේ වයස පිළිවෙලින් 18, (පුතා) 16 (දුව) 12 (පුතා) වේ.
 
ඇයට මියගිය සැමියාගේ වැටුප සහ අනත්දරු විශ්‍රාම වැටුප එදින සිට අකණ්ඩව හිමිව ඇත. ඇයට හිමි විශ්‍රාම වැටුප සහ සැමියාගේ වැටුප ඉදිරියට ලබා ගැනීම තුන්මාසයකට වරක් ඇය නැවත විවාහ වී නැති බවට ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කිරීම කළයුතුව තිබිණි.
 
එම ග්‍රාම නිලදාරී සහතිකය ලබා ගැනීමට ගිය අවස්ථා කිහිපයකදීම ඇයට ග්‍රාම නිලදරියවරයා ඉතා බරපතල ලෙස ලිංගික අතවර කර ඇති අතර ඇය පොලිසි ගියහොත් මරණ බවටද තර්ජනය කර තිබේ. ඔහු විල්ගමුව දේවගිරිය ග්‍රාම නිලදාරී වසමේ ටි ජි ජි එස් එන් තෙන්නකෝන් ග්‍රාම නිලදරිවරයාය. ග්‍රාම සේවක තමාට බලපත්‍ර සහිත තුවක්කුවක් තිබෙන බවද ප්‍රකාශ කර ඇත. ඇය සහතිකය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇත. එහිදී ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්රිය ද ග්‍රාම සේවකට පක්ෂපාති වන අයුරින් කටයුතු කිරීම සහ ඇයට අපහාසාත්මක වන අයුරින් හැසිරීම, රාජකාරි ලේකන ලබා නොදීම ඇය විවාහවී ඇත්දැයි හේරත් නමැති නිලදාරියකු ලවා මුළු ගමෙන්ම සෝදිසි කර බැලීම, ඇගේ නිවසට පිරිමි එනවාදැයි බැලීම වැනි වගකිවයුතු නිලදාරියකු නොකළ යුතු දෑ කර තිබේ.
 
ඇය මේ පිලිබදව 2012 .10. 03 දින මානව හිමිකම් කොමිසමට, මාතලේ දිසාපතිට, රාජ්‍ය පරිපාලන හා සුවදේශ කටයුතු අමාත්‍යංශයේ අද්‍යක්ෂ ජෙනරාල්ට, ලේකම්ට , පොලිස්පති සහ මහනුවර නියෝජ්‍ය පොලිපතිට ලිකිතව පැමිණිලි කරන ලදී. චයාරුපයේ සිටින්නේ ලාලනී කුමාරි මහත්මියයි. -->