අදිකරණයේදී පැහැරගත් පුද්ගලයාව වියාජ චෝදනාවෙන් නිදහස් කරනු ලබයි.




හර්ෂි සි. පෙරේරා.
 
ඔහු 28 හැවිරිදි උස්වත්ත ලියනගේ පත්මසිරිය. වයස අවුරුදු 28කි, විවාහක දෙදරු පියෙකි. අංක 393/3 කොස්ගහවත්ත, පමුනුව, අලුබෝමුල්ලේ පදිංචිව සිටි. ඔහුව 2012.05.25 දින පානදුර මෙහෙස්ත්‍රාත් අදිකරණ බුමියේදී පානදුර දකුණ පොලිසියේ මිහිලාල්, හේරත් සහ රණවක විසින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසියට ගෙනවිත් අමානුෂික ලෙස වදහිංසා පමුනුවා ඇත. ඉන්පසුව බෝම්බයක් ලග තබා ගැනීම යන වියාජ චෝදනාව මත ඔහුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු පවරන ලදී. 2012.05.26 දින .ඔහුව අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2012.09.07 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබිණි. 2012.09.07 දින අදිකරණයේදී ඔහුව එම වියාජ චෝදනාවෙන් නිදහස් කර ඇත. ඔහු 2012.10.03 දින මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිත පැමිණිලි යොමු කරමින් ඔහුට මින් ඉදිරියට එකී නිලදාරින්ගෙන් කිසිදු ආකාරයක හිරිහැරයක් පිඩාවක් සිදු නොවීමට කටයුතු සලසා දෙන ලෙසත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා සිටින ලදී. චයාරුපයේ සිටින්නේ යු. එල්. පත්මසිරිය. -->