බදුරලිය පොලිසියේ තවත් වදහිංසා පැමිණවීමක් සහ බොරු නඩු දැමීමක්.



හර්ෂි සි. පෙරේරා
 
බුවනෙකබාහු පටිබැදිලගේ ඉවහක ජයරත්න 46 හැවිරිදි විවාහක රැකියාව ගොවිතැන කර ගත් පුරවැසියෙකි. හෙතෙම සුදුවලිපත, හැඩිගල්ල ජනපදය, බදුරලියේ පදිංචිව සිටි. 2012.09.02 දින පෙරවරු 9 ට පමණ බදුරලිය පොලිසියේ නිලදාරීන් 05 දෙනෙකු පමණ ඔහුගේ නිවසට පැමිණ ඇත. නිවසේදී ඔහුට ඉතා අමානුෂික ලෙස පොලු වලින් පහර දී බදුරලිය පොලිසියට රැගෙන ගොස් තිබේ. එහි කුඩුවට දමා ප්‍රකාශ කීපයකට අත්සන් ගෙන ඇති අතර එකක්වත් ඔහුට කියවා තේරුම් කර දී නැත. 2012.09.04 දින සවස 4 ට පමණ ඔහුව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර 2012.09.14 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. ඔහු තමාට පොලිසියෙන් පහරදුන් බව බන්දනගාරයට ප්‍රකාශ කර ඇත. ඔහුට බන්දනාගාර රෝහල මගින් ප්‍රතිකාර ද ලබා දී තිබේ. 14 වැනිදා ඔහුට ඇප ලැබී ඇත. ඔහුට එරෙහිව පොලිසිය පැවරු බොරු නඩු වල අංක 88967, 88968 සහ 88969 වේ. ජයරත්න පවසන්නේ තමාට පොලිසිය මෙසේ අමානුෂික ලෙස පහරදී වියාජ නඩු පැවරුවේ ප්‍රදේශයේ ග්‍රාම නිලදාරී ජයසේන අතුකෝරලගේ ගේ අවශ්‍යතාවයට බවයි. 2012.10.01 වැනිදා මේ සිද්දිය ජයරත්න විසින් ලිකිත පැමිණිලි මගින් මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, නීතිපතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත දන්වා සිටින ලදී.
 
-->