බයිට් එක දුරදිග ගොස් බන්දනාගාර නිලදාරීන් තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දෙති.

 
 
හර්ෂි සි. පෙරේරා
 
2012.09.09 දින බන්දනාගාර නිලදාරීන් තරුණයන් දෙදෙනෙකුට පහර දෙන ලදී. ඒ කළුතර උතුර මල්වත්ත පාරේ පිහිටි නුග සෙවන රෙස්ටුරන්ට් එකේදිය. මෙසේ පහර කැමට ලක්වුයේ මද්දගේ මංජු සහ ඔහුගේ සොහොයුරු රන්ජිත් කුමාරය. ඔවුන් ගල් දෙක පාර මහදුවේගම, උග්ගල්බඩ, කළුතර පදිංචිව සිටි. බන්දනාගාර නිලදාරීන් බෝතල් කඩා විකට් කුරු සහ බැට් වලින් පහරදී ඇති අතර කොල්කර තව පිරිසක් ගෙන්වා පහරදී ඇත. පසුව ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව බේරා ගෙන තිබේ. ඔවුන් 2012.10.15 දින ලිකිත පැමිණිලි මගින් පහරදීමට සම්බන්ද බන්දනාගාර නිලදාරීන් අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කරන්නයි මානව හිමිකම් කොමිසමෙන්, පොලිස් කොමිසමෙන්, පොලිස්පතිගෙන් ,කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිගෙන් සහ කළුතර පොලිස් අදිකාරිගෙන් ලිකිතව ඉල්ලා සිටින ලදී. -->