පිබිදෙන ආශ්චර්ය;- පොලිසිය අබ්බගාතයකු නිර්මාණය කරයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
ඔහු ගිනිගල් ගොඩගේ සිසිර කුමාරය. වයස අවුරුදු 32 කි. විවාහක එක් දරු පියෙකි. පවුද්ගලික බස් රථ රියදුරෙකු ලෙස වැඩ කල හෙතෙම හිනිදුම ගෙදර, මල්ගල්ල, තලන්ගල්ල හි පදිංචිව සිටි. ඔහු 2012.10.15 දින කිසිදු චෝදනාවක් නොමැතිව හිනිදුම පොලිසියේ ස්ථානදිපතිවරයාගේ නීති විරෝදී ක්‍රියාව නිසා තමා බරපතල ලෙස රෝගාතුරව අබාදිතවී ඇති බැවින්හිනිදුම පොලිසියේ ස්ථානදිපතිවරයා ඇතුළු නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට සහ ගාල්ල දකුණ දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිට සහ ගාල්ල පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී. 2012.06.18 වැනිදා ඔහු සිය අත්තම්මාගේ ගෙදරට යමින් සිටියදී හිනිදුම පොලිස් ස්ථානදිපති පොල්ලක් අතින් ගෙන ඔහු දුවන විට පසුපසින් එලවාගෙන ඇවිත් තිබේ. ස්ථානදිපති ඔහු අතේ වූ පොල්ල විසිකර සිසිරට පහරදී ඇත. නමුත් එම පහරවල් සිසිරට වැදී නොමැති අතර ඔහු දිගටම දුවගොස් කණ්ඩියක් වැනි තැනකින් බිමට වැටී ඇත. ඔහුට මේවනවිට මතක එච්චරය. ඔහුට සිහිය එන විට ඔහු සිට ඇත්තේ කරාපිටිය රෝහලේය. සිද්දිය වන විට ඔහු රන් මාලයක් පැලද බ්‍රේස්ලට් එකක් සහ ජංගම දුරකතනයක් සහිතව සිට තිබේ. නමුත් ඔහුට සිහියවිත් බලන විට ඒ එකක්වත් තිබී නැත. ඔහුගේ බිරිද කියා ඇත්තේ ඔහුව හිනිදුම ඕ අයි සි හිනිදුම රෝහලට බාර දී එතනින් කරාපිටිය රෝහලට මාරුකර යැවු බවයි. ඔහු මාස 1 1/2 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඔහුගේ ස්නායු වලට හානිවී ඇති බව වයිද්යවරුන් පවසා ඇත. දැනට ඔහුට හරියට ඇවිදීමට කතා කිරීමට නොහැකිව තමාගේ වැඩ නිසිපරිදි කිරීමටත් නොහැකිව ආබාදිත තත්වයේ පසුවෙයි. -->