බදුරලිය පොලිසිය විසින් පැහැරගත් ත්රිවිලරය නැවතත් රුක්මන්ට.

 
 
 
හර්ෂි සි. පෙරේරා
 
2012.10.10 දින රුක්මන් තම ත්‍රිරෝද රථය බදුරලිය පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. 2012.10.11 දින රාත්‍රී රුක්මන්ගේ මල්ලිට එම ත්‍රිරෝද රථය බාර දීමට බදුරලිය පොලිසිය කටයුතු කර තිබේ. ඒ අවස්ථාවේ බදුරලිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක පහත ප්‍රකාශය කර ඇත. "අයියාට වාහනේ දුවන්න දෙන්නේ නැහැ, දිවුවොත් මොනවහරි දාලා උසාවි දානවා, අයියා ඉහලට පැමිණිලි කරලා තියෙනවා, ඔච්චර දුර දිග යන බව දන්නේ නැහැ" යනුවෙන් තර්ජනය කර තිබේ. රුක්මන් නැවත්තත් අද 2012.10.15 ඉහත බලදාරින්ටම ලිකිතව පැමිණිලි කරමින් උප පොලිස් පරීක්ෂක දම්මික ඇතුළු නිලදාරින්ට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් තමාට ඉදිරියේදී නිදහසේ රැකියාව කිරීමට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. -->