අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිමු!


ඔක්තෝබර් 7 වැනිදා උදෑසන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී මැර ප‍්‍රහාරයක් එල්ල වී ඒ මහතා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වී ඇතග මෙම සිදුවීම සිදු වනුයේ ආණ්ඩුවේ දේශපාලන තත්ත‍්‍රයත් අධිකරණ සේවා කොමිසමත් අතර මතභේදාත්මක තත්වයක් උදගත වී තිබෙන අවස්ථාවකදීයග විනිසුරුවරයකුගේ වැඩ තහනම් කිරීමට අදාළ ප‍්‍රශ්නයක් මත අධිකරණ සේවා කොමිසම හා ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වියග උක්ත තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවන ලෙස අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන්ට පවසා තිබූ බවද ඔවුන් එය ප‍්‍රතික්ෂේප කළ බවද මාධ්‍ය වාර්තා කර තිබේග

ඉන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පවසා තිබුණේ ආණ්ඩුවේ ඉහළම දේශපාලන බලාධිකාරයකින් ඔවුන්ගේ රාජකාරියට  බාධා කෙරෙන අන්දමේ දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවයග ඊට එරෙහිව විනිසුරුවරුන්ගේ සංගමය හා නීතිඥයින් උද්ඝෝෂණවල නියැලූණුමුත් එම බලපෑම්වල අඩුවක් නොවීයග යළිත් සැප්තැම්බර් 28 වැනිදා මංජුල තිලකරත්න මහතා මාධ්‍යවලට පවසා තිබුණේ අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ ජීවිත පිළිබඳ අවදානමක් උද්ගතව ඇති බවයිග එහිදී එම අවදානම උද්ගතව ඇත්තේ ආණ්ඩුව සමග පවතින දේශපාලන ප‍්‍රතිවිරෝධතාව නිසා යැයි ඉඟි කොට තිබිණිග ඔක්තෝබර් 7 වැනිදා ඇති වූ පහරදීමේ සිදුවීමත් එම ක‍්‍රියාවලියත් අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව කිසිවකුට ප‍්‍රතික්ෂේප කළ නොහැකියග

ආණ්ඩුවේ දේශපාලන තන්ත‍්‍රය සිය පටු වුවමනාවන්ට අවනත නොවන බලවේග හා පුද්ගලයින් මත මර්දනය මුදා හරින බවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට එල්ල වූ මෙම ප‍්‍රහාරය නිදසුනක් පමණිග පසුගිය කාලය පුරාම මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වියග ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයකුට පවා පසුගිය කාලයේ බෝම්බ ප‍්‍රහාර එල්ල වියග එය ආණ්ඩුවේ පෞද්ගලීකරණ පිළිවෙතට විරුද්ධ වීම නිසායග දැන් අධිකරණ ක්ෂේත‍්‍රයට එල්ල වන බලපෑම්වලට විරෝධය පෑම නිසා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මැර ප‍්‍රහාර එල්ල වී ඇතග මෙය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අදහස් දැක්වීමේ නිදහස යන ක්ෂේත‍්‍රයන්ට අදාළ බරපතළ තත්වයක් ලෙස අපි දකිමුග

වෙනස් අදහස් සමග ගනු දෙනු කිරීමේදී සුරැකිය යුතු සදාචාරයන් පිළිබඳ සමාජ සම්මතයන් ආණ්ඩුව නොතකා හරින බවද ඒවා පිළිබඳ වග නොකියන බවද මෙම සිදුවීම මගින් තවදුරටත් තහවුරු වේග එපමණක් නොවල අධිකරණ සේවා කොමිෂන් සභාවල රාජ්‍ය සේවා කොමිෂන් සභාවල විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව වැනි රාජ්‍ය ව්‍යූහයන් සමග ආණ්ඩුවේ දේශපාලන නායකත්වය ඇති කර ගෙන තිබෙන ගැටුම් රටේ සමස්ත පිරිහීමක හා බිඳ වැටීමක ප‍්‍රකාශනයක් ලෙසද අපි දකිමුග

මෙම තත්වයන් වෙනස් කිරීම සඳහා සමස්ත රාජ්‍ය ව්‍යූහයන්ගේම සහ සමාජ-ආර්ථික උපාය මාර්ගයන්ගේම වෙනසක් සිදු විය යුතු බව ප‍්‍රකාශ කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමටත් ඔක්තෝබර් 7 වැනිදා සිදුවීමට අදාළ වරදකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ආණ්ඩුවට බල කර සිටින අතර මෙවැනි කණගාටුදායක සිදුවීම් අවසන් කිරීම සඳහා ජන බලයක් ගොඩනගන්නැයි ලංකාවේ සමස්ත ප‍්‍රගතිශීලි ජනතා බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමුග
පෙරටුගාමී සමාජවාදී පක්ෂය