අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මැර ප‍්‍රහාරයක්


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට අද පෙරවරුවේ කිසියම් මැර පිරිසක් විසින් පහර දී ඇති අතර, ඔහු මේ වන විට කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අසළදී මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති අතර, ඒ සඳහා සන්නද්ධ පුද්ගලයන් 04 දෙනකු සහභාගී වී ඇත.

ඉන් එක් අයෙකු මංජුල තිලකරත්න මහතාගේ හිසට පිස්තෝලයකින් පහර දී තිබේ.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පසුගිය දින කිහිපයේදී ආණ්ඩුවේ ප‍්‍රධානනීන්ගේ බරපතල විවේචනයට ද ලක් විය.
අධිකරණ සේවා කොමිසමේ කටයුතුවලට බාහිර පුද්ගලයින් බලපෑම් කරන බවට ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ බරපතල විවේචනයට ලක්ව තිබිණ.