සාමය හෙවත් යාපනයේ කලූතෙල් දේශපාලනය

 
 
සුනන්ද දේශප‍්‍රිය
 
කලූ තෙල් වත්මන් ශ‍්‍රී ලංකාණ්ඩු දෙමළ ජනයා මත සාමයේ පවත්වා ගෙන යන මර්දනයේ ලාංචනය බවට පත් වෙමින් තිබෙන්නේ ද? එම ප‍්‍රශ්ණය ඇසීමට සිදුව තිබෙන්නේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනයාගේ ප‍්‍රසිද්ධ, සාමකාමී සහ සාධාරණ ව්‍යාපාරයන්ට ආණ්ඩුවේ පිළිතුර බවට කලූ තෙල් ප‍්‍රහාර දියත් කිරීම දැන් අනීවාර්්‍ය අංගයක් බවට පත් වෙමින් තිබෙන නිසා ය. කළු තෙල් දැන් යාපනයෙහි සාමයෙහි නමින් කැරෙන රාජ්‍ය මර්දනයේ සංකේතය බවට පත්වෙමින් එයි.
 
යාපනයෙහි පැවැති විශ්ව ළමා දිනය සැමරිමේ උද්ඝෝෂනයකට සහභාගි වූ දේශපාලන ක‍්‍රියාකාරිනියක වන දිමුතු ආටිගලට එල්ල කරන ලද කලූ තෙල් ප‍්‍රහාරය මෙම නින්දිත කලූ තෙල් දේශපාලනයේ අලූත්ම නිදසුන ය. එමෙන්ම තවත් කරුණක් වන්නේ මෙම ප‍්‍රහාරය යාපනයේ පරසිඳු නල්ලූර් කෝවිල අසළදී සිදුවීම යි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම කළු තෙල් ප‍්‍රහාරයක් එල්ල කර නිදැල්ලේ සුපුරුදු පරිදි නිදැලූලේ පලා ගොස් තිබේ.
 
ඇය ප‍්‍රධාන නිලයක් උසුළන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරංචි මාර්ගයන්ට අනුව මෙම ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයින් හැඳ සිට ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයින් පුහුණුවීම්වලදී අඳින ඇඳුම්ය. අනතුරුව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට යාපනයේ පොලීසියට ගිය ඇය ඇතූලූ පිරිස පැය තුනක්ම රස්තියාදු කළ පොලීසිය එම පිරිස නීති විරෝධි ලෙස ජායාරූපයට ද නැගූවෝ ය. මෙම පොලිස් නිලධරයාගේ අංකය පවා දක්වන එම ආරංචි පවන්නේ එම ජායාරූප ගැනීම සිදුවූයේ පොලිස් ස්ථානයේ ඇතුලත සිට බවයි.
 
කිසිදු පහසුකමක් නොදී සිය ඉඩම්වලින් බැහැරව යළි පදංචි කරන ලද මුලතිව් කෙප්පපිලව්හි ජන පිරිසක් පසුගිය සැප්තැම්බර 21 දා දේශපාලනඥයින් ද සමඟ එක්ව සාමකාමී විරෝධතාවයක් පැවැත් වූහ. මෙම විරෝධතාවයට එක් වූ පිරිස් වෙත ආරක්ෂක අංශ බලා සිටිය දීම කලූතෙල් මිශ‍්‍රිත අපද්‍රව්‍ය ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. මෙම ප‍්‍රහාරය එල්ල වූයේ වුයේ මුලතිව් දිසා ලේකම් කාර්්‍යලය ඉදිරිපිට දී මෙම විරෝධතාවය වාර්තා කර ගැනීමට යොදවා සිටි යුද හමුදා වීඩියෝකරුවන් ඉදිරියේ දී ය. මෙම අපද්‍රව්‍ය ප‍්‍රහාරය එල්ල කළ කල්ලිය කිසිදු ප‍්‍රශ්ණයකට මුහුණ නොදී පොලීසය සමඟ මුහුව ඉවතට ගිය බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කළේ ය.
 
එපමණක් නොව මෙම විරෝධතාවය අවසන් කොට ආපසු එමින් සිටි දෙමළ සහ සිංහල දේශපාලනඥයින්ගේ වාහන පිටුපස නාදුනන මොටර් සයිකල්කරුවෝ පැන්නූහ. ආරක්ෂ හමුදා ඉදිරිපිට දීම වික‍්‍රමබාහු කරුණාරත්න සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ගමන් කරමින් සිටි වාහනයට පහර දුන්හ. තවත් හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රිවරයකු වන එස්. කජේන්ද්‍රන්ගේ වාහනයේ ටයර් හිල්වන සේ කටු කම්බි ඇතිරූහ. එම වාහනයට ප‍්‍රහාරකයින්ගෙන් බේරීමට සිදුරු වු ටයර් වලින්ම පලා යාමට සිදු විය.
 
පසුගිය අගොස්තු 22 දින යාපනයේ වලිකාමම් දකුණු ප‍්‍රදේශීය සභා නව ගොඩනැගිල්ල එම ප‍්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ සභාපති විසින් විවෘත කරන ලදී. එසේ නමුත් ප‍්‍රදේශයේ ආණ්ඩුකාර විශ‍්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි විසින් එම ගොඩනැගිල්ල විවෘත කිරීම අපේක්ෂාවෙන් සිටි බව කියනු ලැබේ. කෙසේ හෝ එලෙස විවෘත කරන ලද දින මහ රුයෙහි ගොඩනැගිලි බිමට ඇතුළූ වූ 15 දෙනෙකුගෙන් යුතු ඊනියා නාදුනන කණ්ඩායමක් මුරකරුවන් දෙදෙනා බිය ගන්වා නව ගොඩනැගිල්ලෙහි ඉදිරිපසු බිත්ති මත කලූ තෙල් වත්කරන ලදී. දෙමළ ජාතික මහජන පෙරමුණ පසුගිය ජූලි 18 දින යාපනයේ නෙල්ලඅඩිහිදී සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. ඒ නිර්දෝශි දෙමළ තරුණයකු වූ නිමලරූබන් ව්වනියාව සිර ගෙදරදී පහර දී ඝාතනය කිරීමට එරෙහිව ය. ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් පෙර දින රාත‍්‍රියෙහි එම දේශපාලන පක්ෂයේ ප‍්‍රධානීන්ගේ නිවෙස් බිත්ති මත මහරුයෙහි කලූ තෙල් වගුරුවන ලද්දේ ද ඊනියා නාදුනන පිරිස් විසිනි. මෙම සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ මෙම සෑම ප‍්‍රහාරයක්ම එකිනෙකට සම්බන්ධ බව පෙන්වීමට එම ප‍්‍රහාර පිටුපස සිටින ඊනියා නාදුනන ප‍්‍රහාරකයින්ට අවශ්‍ය බැවින් එකම ප‍්‍රහාරක ද්‍රව්‍යක් එනම් කලූ තෙල් යොදා ගන්නා බවයි.
 
 එමෙන්ම මෙම ප‍්‍රහාර සියල්ල එල්ල වී ඇත්තේ සාමකාමී එනමුත් විරෝධතා දේශපාලන ව්‍යාපාරයන්ට බව ය. මෙවැනිම සිදුවීම් තවත් ගණනාවක්ම පසුගිය කාලයෙහි උතුරු පළාතෙන් වාර්තා වූ නමුත් එකදු සිදුවීමක් සම්බන්ධයෙන් හෝ කිසිවකු අත් අඩංඟුවට ගෙන හෝ පරීක්ෂණන වාර්තාවක් ඉදිරිපත් කර හෝ නැත. දෙමළ ජනයාගේ මූලික අයිතීන් මෙලෙස උල්ලංඝනය කෙරෙන්නේ ඔවුන්ට විමුක්තිය දිනාදීමට යැයි කරන ලද යුද්ධයක අවසානයෙන් තෙවසරකට පසු ය.
 
මෙම ලැජ්ජා නැති ප‍්‍රහාරයන් පිටුපස සිටින්නේ කවරකු වුවත් ඔවුන්ට ආරක්ෂ හමුදාවන්හි පිටුබලය සහ අනුබලය ඇති බවට සැක කිරීමේ කිසිදු වරදක් නැත. මන්ද යත් යුද්ධවසානයෙන් පසු දෙමළ ජනයා බහුතර ප‍්‍රදේශ සහමුලින්ම වාගේ රජයේ හමුදාවන්හි තීක්ෂන සෝදිසිය යටතේ පවත්වා ගැනෙන නිසා ය. වත්මන් ශ‍්‍රී ලංකාවෙහි සන්නද්ධ බලකායන්ගේ අති බහුතරය රඳවා ඇත්තේ සියයට විස්සක් තරම් වන දෙමළ ජනයා ජිවත්වන උතුරු නැගෙනහිරය.
 
ශ‍්‍රී ලංකාවේ යුද හමුදා බලකායන් (ඩිවිශන*19ක් ඇති අතර ඉන් 16ක් ම රඳවා තිබෙන්නේ දෙමළ බහුතර ප‍්‍රදේශයන්හි බව ඉන්දියාවේ හින්දු පුවත් පත වාර්තා කළේ මෙයට තෙසතියකට පෙරය. එම වාර්තාව ලියූ ජනමාධ්‍යවේදිනී නිරුපමා සුබ‍්‍රමනියම් කිසිම ලෙසකින් එල්ටීටීඊ හිතවාදිනියක් යැයි කිව නොහැකි එල්ටීටිඊ ක‍්‍රියාකරකම් විවේචනයට හසු කළ ප‍්‍රවීන ජනමාධ්‍යවේදිනියකි. ඇය එම වාර්තාව සකස් කර ඇත්තේ ශ‍්‍රී ලංකා රජයේ ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවේ අභ්‍යන්තර ලියැවිල්ලක් පාදක කර ගනිමිනි. ඒ අනුව යාපනය, මුලතිව් සහ කිලිනොච්චි යන දිසාවන්හි බලකායන් තුන බැගින් ද වවුනියාවේ බලකායන් පහක් ද නැගෙනහිර පළාතේ බලකායන් දෙකක් ද වශයෙන් රඳවා තිබේ. අවම වශයෙන් සොල්දාදුවන් 85,000ක් එම බලකායන්ට අයත් වෙතැයි හින්දු පත‍්‍රය උපල්පනය කරයි.
 
 දකුණෙහි රඳවා ඇත්තේ බලකායන් තුනක් පමණි. වර්ණ ගන්වා සකස් කරන ලද එම ශ‍්‍රී ලංකා රජයේ වාර්තාව සම්බන්ධයෙන් හින්දු පුවතපත 1987 - 1990 සමයෙහි ඉන්දීය සාම සාධක හමුදාවෙහි ප‍්‍රධානියකු ලෙස ශ‍්‍රී ලංකාවෙහි සේවය කළ විශ‍්‍රාමික කර්නල් ආර්. රාමන්ගේ නිරීක්ෂන විමසා තිබේ. ඔහුට අනුව මෙම යුද බලකායන් ස්ථාන ගත කර ඇත්තේ පශ්චාත් යුද තත්ත්වයක් අනුව නොව යුද්ධ සූදානම් තත්ත්වයක් ලෙස ය. යුද්ධවසානයෙන් තෙවසරකට පසුත් උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිය විශ්වාශයට ගැනීමට ශ‍්‍රී ලංකා රාජ්‍යය අසමත් වී තිබීම යුද්ධමය පාලනය විසින් පෙන්නුම් කරන අතර දෙමළ ජනයා පාලනය කිරීමේ මාධ්‍යය ලෙස බිය ගැන්වීම කලූතෙල් දේශපාලනය විසින් පෙන්නුම් කරයි. වෙනත් අන්දමකට කියන්නේ නම් මෙම ද්විත්ව ක‍්‍රියාවලිය මගින් ශ‍්‍රී ලංකාණ්ඩුව දෙමළ ජනයාට කියන්නේ පාරවල් සහ ගොඩනැගිලි ඉදිකරන මුත් නිදහස සහ අයිතීන් ලබා දීමට තමන් සුදානම් නැති බවයි.
 
මෙම ද්විත්ව මර්දන ක‍්‍රියාවලියන්ට උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් යටපත් කළ නොහැකි බව මෑත කාලීන දේශපාලන සහ සිවිල් සමාජ වර්ධනයන් විසින් පෙන්වා තිබේ. එක්සත් දෙමළ දේශපාලන පෙරමුණක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ නැගී ඒමත් යාපනයේ පමණක් නොව වන්නියේ ද ජනයා සිය අයිතීන් උදෙසා උද්ඝෝෂන මාවත කරා සෙමින් නමුත් ස්ථිරව පැමිණෙමින් සිටීමත් විසින් පෙනුනම් කරන්නේ සරුසාර දේශපාලන විසදුමකින් ලබා දෙනු විනා යුද්ධ ජයග‍්‍රහණයේ ඝෝෂව මගින් ශ‍්‍රී ලංකාවෙහි දෙමළ ජනයා යටපත් කිරීමට නොහැකි වනු ඇති බවයි. එය කල් තබා තේරුම් ගන්නා තරමට රටේ අනාගතයට හොඳ ය. 14.10.12 -->