තවත් දරුවෙකුට අද්යාපන අයිතිය අහිමි කල නරුමයෙක්.

 
 
 
 
 
හර්ෂි සි. පෙරේරා

ඔහු ර/ නිවී/ දෙල්වල මහා විද්‍යාලයේ විදුහල්පති දම්මික සේනාදිරය. 2012.09.05 දින සිට අද දක්වාම හෙතෙම එම විදුහලේ ඉගෙනුම ලබන කරදන කන්කනමලාගේ ජනනි උත්පලාගේ පාසල් ගමන නීතිවිරෝදී ලෙස නතර කර ඇත.මෙම 16 හැවිරිදි දැරිය එම පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබයි. ඇය 2012 දෙසැම්බර් අපොස සාමාන්‍ය පෙළ විබාගයට පෙනී සිටීමට නියමිතය. ඇගේ මව 2012.10.17 දින මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, රත්නපුර පළාත් අද්යාපන අද්යක්ෂකට, රත්නපුර පළාත් අද්යාපන අමාත්‍යංශයේ ලේකම්ට, නිවිතිගල කලාප අද්යාපන අද්යක්ෂකට ,ළමා සහ කාන්තා කර්යාංශයට ලිකිතව පැමිණිලි කළාය. චයාරුපයේ සිටින්නේ මෙම දැරියගේ මව වන නාවලගේ සුසිලා චාන්දනිය. ඔවුන් පාරපැල්ල, දෙල්වල, රත්නපුරේ පදිංචිකරුවන් වේ. -->