සාලිය වැව පොලිසිය තරුණයකු නිරුවත් කර අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.

 
 
 
 
 
හර්ෂි සි. පෙරේරා
 
ඔහු නුවන් මහේෂ් ප්‍රේමතිලකය. වයස අවුරුදු 20කි. අවිවාහකය. රබා වැව ඉහල පුලියන්කුලම, පුත්තලමේ පදිංචිව සිටි. 2010 .08. 10 දින උදේ 11 ට පමණ සාලිය වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසියට ගෙන ගොස් දෙපාරක් නිරුවත කර බාල්කයක එල්ල ඉතා අමානුෂික ලෙස පහර දී ඇත. කොච්චි ඉස්ම ඔහුගේ පුරුෂ ලිංගයට දමා හෝස් බටයකින් සහ පොල්ලකින් ශරීරයේ සෑම තැනකටම පහර දී තිබේ. මෙසේ පහරදෙමින් සිටින විට ඔහුගේ මාමා කෙනෙකු වන මැණිකා නැමැත්තා පොලිස් ස්ථානයට පැමිණ පොලිස් නිලදාරින්ට අරක්කු බෝතල් හතරක් සහ මුරුක්කු ගෙනවිත් දී තිබේ. පහරදීමෙන් අනතුරුව පුත්තලමහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර බි ආර් 1016/2010 යන වියාජ නඩුව ගොනු කර ඇත. සිද්දිය වනවිට නුවන්ට වයස අවුරුදු 18 කි. හෙතෙම කුබුක්වැව අත්තදස්සි විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් 2010 දෙසැම්බර් අපොස සාපෙළ විබාගයට සුදානම් විය. සිද්දිය නිසා ඔහුගේ අද්‍යපනයාද කඩාකප්පල් වී ඇත. සාලියවැව පොලිසියේ මෙම අපරාදය සිදුකල නිලදාරීන් වන්නේ උ පො ප රාජේන්ද්‍ර, පො සැ 23623 පෙරේරා, පො කෝ 61612 ගමගේ, පො සැ 49044 ජයකොඩි, පො කෝ 61573 හේරත් යන අයවලුන්ය. නුවන් මහේෂ් ප්‍රේමතිලක මේ පිලිබදව 2012.10.12 දින පොලිස්පතිට, නීතිපතිට සහ වයබ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරන ලදී. ය.මෙම වදහිංසා පැමිණවීම සාලිය වැව පොලිසිය සිදුකලේ ඔහුගේ මම කෙනෙකු වන මැණිකා නමැති අයගේ අවශ්‍යතාවයටය. --> -->