බණ්ඩාරගම පොලිසිය හරක් හොරකමට අහිංසකයකුට හිරිහැර කරයි.



හර්ෂි සි. පෙරේරා
 
උව අදිකාරම්ගේ චන්ද්‍රසිරි 39 හැවිරිදි ජලසම්පාදන මණ්ඩලයේ සේවයකරන විවාහක තිදරු පියෙකි. කුබුක පාර කොතලාවල, බණ්ඩාරගම පදිංචිව සිටි. ඔහු 2012.10.11 වන දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිත පැමිණිලි යොමු කරමින් බණ්ඩාරගම පොලිසියේ සමන් නමැති නිලදාරියා සහ අනෙකුත් නිලදාරීන් නිසි පරීක්ෂණයක් නොකර නිතිවිරෝදිව කටයුතු කරමින් තමනට හිරිහැර කිරීම පිලිබදව ඔවුනට එරෙහිව නීතිමය හා විනයානුකුල පියවර ගන්නා ලෙසත් ඉදිරියේදී හිරිහැරයක් නොවීමට තමාට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ඉල්ලා සිටියේය. "දිනක් මාගේ අසල්වැසි නිහාල් නැමැති අයකු ගේ හරක් කිහිප දෙනෙක් කුඹුරක් අසල ගැට ගසා තිබූ අතර, මා සතු හරක් පැටියාද එ් ආසන්නයේ ගැටගසා තිබුනා. පසුව දැනගන්නට ලැබුනා නිහාල් නැමැති අයගේ හරකුන් සොරකම් කර ඇති බව. නමුත් මා සතු හරක් පැටියා එම ස්ථානයේම සිටි අතර, මා මාගේ හරකා රැගෙන නිවසට ගියා. මා සිතන්නේ මෙම සිද්ධිය අදාලව මා සැක කර, මෙසේ මා හිරිහැරයට ලක් කරන බවයි. මට විරුද්ධව බණ්ඩාරගම පොලිසියේ පැමිණිල්ලක්ද නොමැත." -->