බදුරලිය පොලිසියට හයර් නොගියාට රුක්මන්ට බොරු නඩුවක් දමයිද?



හර්ෂි සි. පෙරේරා

රුක්මන් සම්පත් 29 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. ත්‍රිරෝද රථ රියදුරෙකි. කළුගල, ගුරුලුබැද්ද, කදිරන්කටියේ පදිංචිව සිටි. ඔහු 2010.10.10 දින මානව හිමිකම් කොමිසමට, පොලිපතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය. ඒ 2010.10.10 දින අලුයම 4.30 ට පමණ බිරිද සහ දරු දෙදෙනා නිදා සිටින විට නිවසට පැමිණි බදුරලිය පොලිසියේ නිලදාරීන් QU 3952 යන රුක්මන්ට අයත් ත්‍රිරෝද රථය රැගෙන යාම ගැනයි. මෙම නිලදාරීන් පවසා ඇත්තේ ත්‍රිරෝද රථය ගෙන යන්නේ බදුරලිය පොලිසියේ දම්මික එස් අයි මහතා බවයි. රුක්මන් සැක කරන්නේ ඔහු බදුරලිය පොලිසිය සමග හයර් යාම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට හිරිහැර කිරීමේ අදහසින් ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් බවයි. ඔහු සිය ලිකිත පැමිණිලි මගින් තමාට එරෙහිව සිදුවියහැකි වියාජ නඩු පැවරීමෙන් ආරක්ෂා කර දෙන ලෙසත් නිතිවිරෝදිව කටයුතු කරන බදුරලිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක දම්මිකට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නයි සිය ලිකිත පැමිණිලි මගින් වැඩි දුරටත් ඉල්ලා සිටි. "කුලී රථවල ගොස් ගාන නොගෙවීම පොලිසියේ පුරුද්දක් බව SC/FR 149/2006 දරන මුලික අයිතිවාසිකම් නඩුවේදී ශේෂ්ට්රාදිකරණය ප්‍රකාශ කොට තිබේ. " -->