ගෝතමී ගොතමාලාවක් වෙයි. සිසුවියගේ අද්‍යාපනය විනාශ කර මාස 06 කට වැඩිය.

හර්ෂි සි. පෙරේරා
ගෝතමී බාලිකා විද්‍යාලය එම පාසලේ 10 වන වසර එච් පන්තියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවකගේ අද්යාපන අයිතිය මේවන විට විනාශ කර දමා තිබේ. මෙම දැරිය සිය යෙහෙළියක සමග 2012.03.06 දින පාසල් නොගොස් මොරටුව වේල්ස් කුමාරි විදුහලේ ක්‍රීඩා උත්සවයක් නැරබීමට පැමිණ ඇති අතර ඔවුන්ව මොරටුව පොලිසියට මුණ ගැසීමෙන් අනතුරුව දෙමාපියන්ට බාර දී ඇත. පසුව ගෝතමී විදුහල්පතිනියගේ බලපෑම් මත ඇගේ මවට දරුවා පාසලෙන් අස් කර ගැනීමට සිදුව තිබේ. ඇගේ මව මේ පිලිබදව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කළාය. පැමිණිලි අංකය HRC / 1398 /12. නමුත් වැඩක් වී නැත. කොමිසම පලදායි ලෙස ක්‍රියා නොකලා පමණක් නොව මේ පිළිබදව සමත වූ බවට දෙමාපියන්ට ලියුම් යැවීමට තරම් පහත තත්වයට පත්වී තිබිණි. දැරියගේ මව නැවතත් 2012.10.10 දින මානව හිමිකම් කොමිසමට සිහිකදවිමකුත් ළමා ආරක්ෂක අදිකාරිය සහ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත ලිකිතවද පැමිණිලි කළාය.