ලෝන්ලි ප්ලැනට් නොදුටු තනිවූ ලංකාව.



හර්ෂි සි. පෙරේරා

ලෝන්ලි ලැනට් ලොව ප්‍රදාන සංචාරක මර්ගොපදෙෂකයෙකි. එය 2013 වසරේ සංචාරය සදහා හොදම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි. මේ නිසා ඇතිවන සතුට පුරවැසියන් හැටියට ඉක්මනින් වාෂ්ප වන සුළුය. මක්නිසාද රටේ ඉතා පහත්මට්ටමක පවතින මානව හිමිකම් උල්ලන්ගනයන් මේ ගයිඩ්ලාට හසුනොවන බැවිනි. ඊයේට මද්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දින 1000 සම්පුර්ණ කිරීමට රාජපක්ෂ රෙජීමය සමත් විය. රට පුරා මහජනතාවගෙන් පඩි ලබන පොලිසිය සිදු කරන වදහිංසා පැමිණවීම් ඇතුළු නීති විරෝදී ක්‍රියා රටේ කොන්වූ ජනතාව තවදුරත් පිඩාවට පත් කරමින් කොන් කරමින් තිබේ. මරා රජය පොලිසිය තුල රදවා ගැනීමේ කාලය පැය 48 දක්වා වැඩි කිරීමට සියලු තුරුම්පු බාවිතයට ගැනීමට සුදානමින් සිටි. මේවාට විරුද්දව ශක්තිමත් හඩක් නගන්නේ සිවිල් සමාජයයි. විරුද්ද පක්ෂය ඇතුළු සියලු වාමාංශික පක්ෂ කටයුතු කරන්නේ තම වරප්‍රසාද රැක ගැනීමට මිස ජනතාවට සාදනිය වෙනසක් ලබා දීමට නොවේ. මේ තත්වය තුල මරා පාලනයට දැන් එන් ජි ඕ බිතිකාවක් වැළදී ඇත. එහි අලුත්ම තත්වය පාලකයින් විසින් එන් ජි ඕ පනත අලුත් කිරීමට ගන්නා උත්සහයයි. මේ කිසිවක් ගැබුරින් තේරුම් ගැනීමට එක්සත් ජාතින් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවටද ඕනෑකමක් නැත. ඉතින් ලෝන්ලි ප්ලැනට් ලෝන්ලි තේරුම් නොගැනීම ගැන අපි එක් අතකට පුදුම විය යුතුද නැත. 
-->