ගාල්ල වරාය පොලිසියේ ප්‍රාණ ඇපකරුවන් ගැනීමට නීතිඥවරුගේත් දේශපාලුවන්ගේත් සහය.



හර්ෂි සි. පෙරේරා
 
මහගේ නිරෝෂා මල්කාන්ති 33 හැවිරිදි විවාහක දරුවන් සිවු දෙනෙකුගේ මවකි. බෙන්තොටගේ වත්ත, පිටිවැල්ල, බුස්ස, ගාල්ලේ පදිංචිව සිටි. ඇය 2012.09.25 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට සහ නීතිපතිට පහත සිද්දිය සම්බන්දයෙන් ලිකිතව පැමිණිලි කළාය. ඇගේ සුවාමිපුර්ශයා වන ගොනපිනුවල විතානගේ ඉන්ද්‍රසිරි වයස අවුරුදු 46 ක් වන දිවර වුර්තිකයෙකි. 2012.09.01 දින අලුයම සවස 04 ට පමණ ගාල්ල වරාය පොලිසියෙන් ඔවුන්ගේ නිවසට පැමිණ ඇගේ සැමියාව ඔහුගේ සොහොයුරෙක් වන දනසිරි පොලිසියට බාර වනතෙක් යයි කියමින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය දනසිරි පොලිසියට බාර වුවිට ඔහුව නිදහස් කරන බව පවසා ඇත. එදිනම රාත්‍රී 9 ට පමණ ඔහුව බන්දනාගාර ගත කොට ඇත. ඇය සිය සැමියා වෙනුවෙන් නීතිඥ සෝමසිරි උදවැල්ල ගේ සේවය මුදල් ගෙවා ලබා ගෙන ඇතිමුත් ඔහු කිසිවක් අදිකරණයේදී ප්‍රකාශ කර නැත. ඇගේ සැමියාට නඩු දමා ඇත්තේ ගිනි අවි පනත යටතේය. මල්කාන්ති ප්‍රකාශ කරන ආකාරයට ඇගේ සැමියාව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ නඩු පවරා ඇත්තේ පළාත් සබා මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ අවශ්‍යතාවටයි. ඇය මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු බව කියන නීතිඥ චන්දන ලියනාරච්චි හමුවුවිට ඔහු කියා ඇත්තේ සැමියාව බේරා ගැනීමට ඔහුගේ සහෝදරයාව පොලිසියට බාරදිය යුතු බවයි. ඇය තමන්ට සැමියාගේ සොහොයුරා සමග සම්බන්දයක් නැති බව කියූ විට මෙම නීතිඥවරයා සොහොයුරාව සොයා ගන්නයි ඇයට තර්ජනය කර තිබේ. -->