චන්දය පාලුයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
සබරගමුව උතුර මැද නැගෙනහිර අද පැවති චන්දයේදී ප්‍රකාශිත චන්ද සංකාව අඩු බව වාර්තා වේ. මෙම චන්දය හුදු රාජපක්ෂ ආණ්ඩුවේ උවමනාවට සිද්ද වුවකි. එක පැත්තකින් චන්දය දැමීමට තරම් උන්නන්දුවක් මහජනතාවට නොමැත්තේ චන්දය ඉල්ලන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් පිළිබද විශ්වාසය අඩුකමයි. මැණික් වලට ප්‍රසිද්ද සබරගමුව මෑතකදී ප්‍රචලිත වුයේ කාන්තාවන් මරා දැමීමටයි. උතුර  සහ නැගෙනහිර යුද්දයෙන් පසුව දෙමල මුස්ලිම් සහ සිංහල ජනයාට සිදුවූ සෙතක් නැත. උගත් පාඩම් හා සංහිදිය කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට අවංක උවමනාවක් ආණ්ඩුවට නොමැති අතර ඒ පිළිබද සංවාදයක් රටේ සමස්ත ජනතාව ගෙන් බහුතරය අතරද නොමැත. උතුරු මැද චන්දයට ඉතා නොමනා ආකාරයෙන් රාජ්‍ය දේපල යොදා ගනු ලැබිණි. රටේ පාරවල් ටික හැදුනට බහුතරයකගේ බඩ කට පිරුණේ නැත. අද්‍යාපනයට 6% ක් වෙන් කිරීමට ආශ්චර්ය කරා නැතිනම් පිබිදෙන අශ්චර්යේ බාන්ඩාගාරයට නොහැකි වී ඇත. මාද්යට ජනපති කියන්නේ ශ්‍රී ලංකාවේ අබිමානය සහ දනාත්මක පැත්ත පිළිබද පුවත් පල කරන ලෙසයි. එය අසංවේදී හර්දයසක්ෂියක් නොමැති මාද්යන්ට පමණක් කල හැක්කකි. දුෂණය, මානව හිමිකම් උල්ලංගන, අද්යාපන කප්පාදුව, සුළු ජාතීන්ට සිදුවන අසාදාරනය, නීතියේ කඩා වැටීම, ඉහලයන බරපතල ප්‍රචණ්ඩත්වය ගැන කතා නොකළ යුතුයි. තම වැරදි වසන්නේ ඒවා වසන්නටයි කියන්නේ අශිෂ්ටයින් බව අප අමතක නොකළ යුතුයි. ඉතින් බලා සිටිමු. අද මද්යම රාත්‍රියේ හෝ රාත්‍රියේ ප්‍රකාශයට පත්වන පළමු චන්ද ප්‍රතිපලේදී ජනතාව මේ ගැන සිතුවාද යන්න?