පාදුක්ක පොලිසියේ තවත් එක් මැර ප්‍රහාරයක්.

 
 
හර්ෂි සි. පෙරේරා
 
මාපටුනගේ චමින්ද දිල්රුක් පෙරේරා 29 හැවිරිදි අවිවාහක රැකියාව ලෙස කිරි ගොවිතැනේ නිරතවන්නෙකි. හෙතෙම 226 බි කිදෙල්පිටිය ,බෙලිඅත්ත , මිල්ලෑවේ පදිංචිව සිටි. සිද්දිය වන්නේ 2012.09.02 වැනිදාය. රාත්‍රී 9.30 ට පමණ චමින්ද බංගලා හන්දිය යන ස්ථානයේ මිතුරන් දෙදෙනෙකු සමග කතා කරමින් සිට ඇත. ඒ දෙදෙනා වත්තේ නිමල් සහ ජයවික්රමයි. එතනට පාදුක්ක පොලිසියේ නිලදාරීන් 04 දෙනෙක් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත. ඒ අතර පාදුක්ක පොලිසියේ උප පොලිස් පරීක්ෂක විජේරත්නද සිට ඇත. ඔවුන් චමින්දගේ දුරකථනය ගෙන පරික්ෂා කර මලිත් යන අයගේ දුරකථන අංකය දැක එයට කතා කරන ලෙස කියා ඇත. " කෝල් එකක් අරගෙන මලිත්ට කතා කරපන්, නමුත් පොලිසිය ඉන්න බවක් කියන්න එපා. කිවුවා. මම එය ප්‍රතික්ෂේප කළා. මම කිවුවා ගමේ මිනිස්සු මට තරහා කරගන්න බෑ කියලා. එවිට උප පොලිස් පරීක්ෂක විජේරත්න මගේ දකුණු කනට වැරෙන් පහර දුන්නා. ඉන්පසු මගේ ඔළුවට සහ පපුවට පහර දුන්නා. ඒ අතර සිවිල් ඇදුමින් සිටි නිලදාරියා මගේ පුරුෂ ලිංගය සහ වුරුෂණ කෝෂ මිරිකා අල්ලා ත්‍රිරෝද රථයේ මාව හැප්පුවා." මෙම අමානුෂික මැර ප්‍රහාරයෙන් පසුව පොලිසිය ඊලග දින උදේ 9 ට අදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය රැගෙන පාදුක්ක පොලිසියට එන්නයි චමින්දට පවසා ඔහුගේ යතුරුපැදිය සහ මුදලින් රුපියල් 10100 ක් ජංගම දුරකථනය, අංක 0777111965 දරන සිම් කාඩ් පත පොලිස් නිලදාරීන් විසින් රැගෙන ගොස් තිබේ. චමින්ද එදින රාත්‍රී 10.45 ට පමණ හොරණ රෝහලට ඇතුලත් වී ඇත. ඔහුව හදිසි අනතුරු ඒකකයටද යොමු කර තිබේ. ඔහුව 2012.09.05 දින රෝහලින් මුදා හැර ඇත. රෝහල් පොලිසිය, මොරගහහේන පොලිසිය, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදරිවරයාද ඔහුව පරික්ෂා කර තිබේ.