පානදුර උතුර පොලිසිය බරපතල අපරාදයක් සමත මණ්ඩලයට දමයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කලේ ශාන්ත පියල් අපොන්සුය. ඒ 2012.09.26 වැනිදාය. ඔහු අංක 20 ජය මාවත, කෙසෙල්වත්ත, පානදුර පදිංචි විවාහක දෙදරු පියෙකි. ඔහු විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරනු ලැබේ. 2012.07.24 දින ඔහුගේ පුතාටත්, 2012.07.26 දින ඔහුට සහ ඔහුගේ බිරිදට සරත් වසන්ත යන අය විසින් පහර දෙන ලදී. මේ පහරදීම නිසා ඔහුගේ බිරිදගේ ඇසකට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් පානදුර මුලික රෝහලේ දින 07ක් ඔහුගේ බිරිද නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඔහුගේ බිරිද රෝහලේ සිටියදීම අපරාදකරුට ඇප ලබා දීමට පානදුර උතුර පොලිසියේ ස්ථානදිපති කටයුතු කර ඇත්තේ පොලිසියට දැන් සුළු හෝ බරපතල අපරාද වලට ඇප දීමට අලුත් චක්‍රලේකයක් ලැබී ඇති බව පවසමිනි. දැන් එම පොලිස් ස්ථානදිපතිවරයාම මෙම අපරාදය සමත මණ්ඩලයට දැමීමට කටයුතු කර තිබේ. ශාන්ත මහතා සිය ලිකිත පැමිණිලි මගින් බරපතල තුවාල සිදුවී තිබියදී සරත් වසන්ත යන අයට විරුද්දව නීතිමය පියවර නොගෙන අනෙක් පාර්ශවයට පක්ෂග්‍රහිව කටයුතු කල පානදුර උතුර පොලිසියේ ස්ථානදිපති ඇතුළු අදාල නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහුගේ බිරිදට බරපතල තුවාල වන ලෙස පහරදුන් හා ඔහුටත් ඔහුගේ පුතාටත් පහරදුන් සරත් වසන්ත නමැති අයට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටි. -->