"අතීතයට අනාගතය විනාශ කිරීමට ඉඩ නොදෙමු." - The Lionel Bopage Story

 
හර්ෂි සි. පෙරේරා
 
එස්. එල්. ගුණසේකරගේ The Lore Of the Law and Other memories හි අවසාන පරිච්චේද කියවීමෙන් ඇතිවූ වමනයක් වැනි කලකිරීම නැති කිරීමට ප්‍රියජනක තෝතැන්නක් වුයේ ඉහත සදහන් ලයනල් බෝපගේ කතා වස්තුවයි.එස් එල් ගුණසේකර සිය කෘතියේ සදහන් කරන්නේ තමන් 2009 යුද ජයග්‍රහණය මිල අදික මිවිතක් යහළුවන් දෙදෙනෙකු සමග බීමෙන් සැමරු බවයි. ඔහුට අනුව මෙරට කළහැකි එකම පුද්ගලයා මහින්ද බවත් ඔහුගේ කටේ පිළිකාව නිසා යම් හෙයකින් ඇතිවන රික්තය පිරවීමට කිසිවෙක් නොමැති බවයි. 1971 පමණ සිට ජාතික ප්‍රශ්නය පිලිබදව බෝපගේ මහතාගේ දැක්ම ඉතා ජනහිතකාමිය. නමුත් එය ආදර්ශයට ගැනීමට මුරණ්ඩු විප්ලවවාදියකු මෙන්ම ප්‍රදර්ශනවාදී දේශපාලනඥයකු වූ රෝහණ විජේවීර ප්‍රමුක ජෙප්පන්ට නොහැකිවීම නිසා වූ පාඩුව මිල කල නොහැක. මයිකල් කොලින් කුක් විසින් රචිත බෝපගේ කතාව සරලය. මයිකල් ලේකකයෙකු ලෙස ඔහුගේ ඉංග්‍රීසි පිළිබද ඇති දැනුමේ බරපතල බව පෙන්වීමට මෙහිදී උත්සහ නොගනී. අප කල යුත්තේ පෙරටුගාමීන් හෝ කවුරුන් හෝ වේවා අනාගතය රැක ගැනීමයි. එහිදී ඉතිහාසය විකුර්ති නොකිරීම ඉතාම වැදගත්ය. බෝපගේ කතා පුවත සිංහලෙන් ශ්‍රී ලාංකීය පාටකයින් අතට පත්වන්නේ නම් එය ඉතාමත් හොදවනු ඇත. -->