කවි මඩුව

හොඳයි අද කවි මඩුව ආරම්බ කිරීමට අපි කැළණි පුර රජු බලු ගැමුණු කවියාට ආරාදන කරනවා 
(සබයේ බලු පොලසන් ) 

සාන්ත පීතර කවියා - 

සාන්ත පිතරගේ උසාවිය මෙය දැන් නිශ්ශබ්ද වෙනු 
බොරුවක් මිස ඇත්තක් නොකියන බව දිවුරා කියනු 
එයින් නොනැවතී එම සිද්දිය සැකෙවින් කියනු 
පොලිසිය මෙහි පැමිණ ප්‍රකාශ ඉදිරිපත් කරනු 

කැලණියේ බලු ගැමුණු කවියා - 
මගේ සුදු පුතා නෑ හමුදාවට අත ඔසවන්නේ 
රට බේරා ගත් ඔවුනට නිරතුරුවම තුති දෙන්නේ 
මමයි පුතයි හමුදාවයි තමයි රට බේරා ගත්තේ 
මහා රජතුමා පමණි ඒ බැව් හොඳටම දන්නේ 

කැලණියේ එක්ස්ටසි කවියා - 
සිගරට් එකක් දෙන්නකෝ සුදු මේජර් අය්යේ 
කිව්වා පමණි මේ අය්යා මට ගුටි ඇන්නේ 
එපමණයි සුවාමිනි මට කීමට ඇත්තේ 
සිහිය එනවිට උන්නේ මම ඉස්පිරිතාලේ 

කැලණියේ එක්ස්ටසි කවියා - 
ලොබිය පිහිටියේ ජයික් එකේ කෙළවරය 
ටේප් පටියේ ඇත්තේ තනිකර බොරුය 
මේ සින් එක කෙලවර උනේ රථ ගාලේය 
වැරැද්ද තනිකරම මේ ගොන් මේජරගේය 

සාන්ත පීතර කවියා - 
ඇත්තද මේජර මේ කොල්ලා කියන කතා 
අපරාදේ නේ මේ කොල්ලට හදපු කතා 
නාඩා ඉඳින් මාලක මයේ කුක්කු පුතා 
මේ ඔක්කොටම මුල මේ මේජර ම තමා 

බට තුවක්කු කවියා - 
ස්වාමිනි මම හිටියේ පොඩ්ඩක් බිලා 
සිගරට් එකක් බොන්නට මට ඕනේ උනා 
එක සිගරට් එකක් මාලක මට දුන්නා 
ගින්දර නුදුන් හින්දා මම ඔලුවට ගැහුවා 

සාන්ත පීතර කවියා - 
බොහොම හොඳයි විනයගරුක හමුදාව 
මෙහෙම ද දෙන්නේ රටකට තොපි ආදර්ශ 
අච්චු කරමි මහා උළු ගෙට අවුරුදු හතරකට 
ගැසූ නිසා කිරි බොන කිරි දරුවෙකුට 

බට තුවක්කු කවියා - 
අනේ සුවාමිනි මට එහෙම කරන්න එපා 
පාමුල වැඳ වැටි මම ඔහුගෙන් අද ගනිමි සමා 
දුන් තීන්දුවට එහායින් හිමියනි දාලා කොමා 
දෙන්න කෝ පරිවාස කාලයකට යට කරලා 

ආරාධිත , කහින්නප්පෙරුම කවියා - 
එකනේ දඩි බිඩිස් ඔයාට මම එදා කිව්වේ 
කැලණිය යුවරජතුමා නෑ ඕවට ගෑවෙන්නේ 
පින්බර එක්ස්ටසි පුතුන් රටකට කිරි උතුරන්නේ 
එහෙමයි දඩි බිඩිස් අපි මේ රට කරවන්නේ 

ස්වාදීන, අටපට්ටම් කවියා - 
අද දින රාත්‍රී කැලණිය කවි මඩුවට පැමිණි 
කවි රසයට මන බැඳී මහජනයාට තුති 
මේ වගේ පට්ට රස කවි පෙලකින් පේවී 
ගෙන එමි දිනක තවත් රස බර කවි පේලි 

ස්වාදීන, ප්‍රේක්ෂක කවියා - 
ඇඩෙනවා තනි ඇහැට පැන පැන කඳුළු කැට 
අම්මප ඇයි පද හැදුවේ රටක් වටිනා කොල්ලෙකුට 
පියෙකුගේ උණු කඳුළු මුතු කැට උනි දරු කමට 
මේ වගේ සිද්දි පට පට පට පට්ට පට 

කැලණියේ බලු ගැමුණු කවියා - 
මේ වගේ සිද්දි ඕන තැනක සිදු වෙන්නේ 
ඇමති පිය නිසයි මේවා මුන් උලුපන්නේ 
ජනපති ගේ විනිවිද භාව ය පෙනෙන්නේ 
දස රජ ධර්මයෙන් මේ රට බැබලෙන්නේ 

ස්වාදීන, ප්‍රේක්ෂක කවියා - 
(කැලණියේ බලු ගැමුණු කවියා ගෙන් බාධා ) 
කවිය නො ඇසේ 
මාලක කිව්වේ මෙජර ඉල්ලුව කියලා 
මෙජර මයි කිව්වේ මාලක ඉල්ලුව කියලා 
පැමිණිලි කරේ වෙන වෙන මොනවද කියලා 
දැන් කියන්නේ ඒ මොකවත් නැහැ කියලා 
( සභාවේ ඝෝෂා අ ඩෝ....ව් .. කව්ද ඩෝ ... ) 

බට තුවක්කු කවියා - 
(කැලණියේ බලු ගැමුණු කවියා ගෙන් බාධා ) 
කවිය නො ඇසේ 
මමමයි මගේ තුවක්කුවෙන් මගේ ඔලුවට ගහගත්තේ 
මාලක බබා හිට්යේ ඒ වෙලාවේ පිටිපස්සේ රථගාලේ 
එවෙලෙයි සිගරට් එකක් මට බොන්නට ඕන උනේ 
වැරදීමක් වෙලයි පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ 
( සභාවේ ඝෝෂා ) 

කැලණියේ බලු ගැමුණු කවියා - 
මා කියන දේ පමණක් තොපි අහල හිටු 
නාහන එවුන් දිග කඹ ගෙන ගස් බඳිනු 
මා කියනා දෙයට හොඳින් දෙ සවන් යොමනු 
මම වෙමි කැලණියේ මහා රජු බලු ගැමුණු 
( සභාවේ කාහල බලු හඩ ) 

සභාවේ ප්‍රීති සුනඛ ඝෝෂා 
ජයවේ ජයවේ 
ගැමුණු අපිට අපි ගැමුණුට ගැමුණු අපිට අපි ගැමුණුට 
කාගේද මේ බලවේගේ 
බලු ගැමුණු ගේ බලවේගේ

(ගොස්සිප් 9 ඇසුරෙනි )