අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී රන් මාලයත් හොරා ගනී.



හර්ෂි සි. පෙරේරා
 
ඇය දෙල්ගහ වත්තගේ දීපිකා කුමාරි වේ. 32 හැවිරිදි විවාහක කාන්තාවකි. අංක 611, කපුගෙදර මොල්කාවේ පදිංචිව සිටි. 2012.08.25 දින උදේ 10 ට පමණ නාගෙන අපු ගමන් හරියට ඇදුමක්වත් ඇද ගැනීමට පෙර ඇයව බදුරලිය පොලිසියේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇගේ රන්මාලය බිමට වැටී ඇති අතර මේවනතෙක් එය පොලිස් නිලදාරීන් විසින් ලබා දී නැත. ඇයට විරුද්දව වියාජ පැමිණිල්ලක් මත වියාජ නඩුවක්ද පවරා තිබේ. බදුරලිය පොලිසියේ ස්ථානදිපතිවරයා ඇගේ ගුවන් හමුදාවේ වැඩ කරන මල්ලිට විරුද්දව ගුවන් හමුදාවට පැමිණිලි කරන බවටද තර්ජනය කර ඇත. පසුදිනක මල්ලිව සොයා ඇගේ නිවසට පොලිසිය පැමිණ ඇත. 2012.08.29 දින ඇය මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට, කළුතර පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කළාය. ඇය ඉල්ලා සිටියේ වියාජ පැමිණිල්ලක් මත නිසි විමර්ශනයක් නොකර වියාජ නඩු පැවරු බදුරලිය පොලිසියේ ස්ථානදිපතිට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත් අත්අඩංගුවට ගැනීමේදී ඇයට අවමන් සහගත ලෙස සැලකු පොලිස් නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත් පොලිස් නිලදාරීන් අතින් කැඩුණු දැනට නැති වී ඇති රන් මාලය ඇයට ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසත් ඇයටත් ඇගේ දෙමාපියන්ට සහ සහෝදරයින්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාව සහ අවශ්‍ය නීතිමය ආරක්ෂාව ලබා දෙන ලෙසත්ය.