ටිබෙට් ගැටවරයින් චීනයේදී සිරුරු වලට ගිනි තබා ගනිති.



හර්ෂි සි. පෙරේරා

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ප්‍රකාශ කරන ආකාරයට 2009 සිට චීන පාලනයට විරෝදය පල කිරීම් ලෙස සිරුරට ගිනිතබාගැනීම් ගණන 51ක් වේ. ටිබෙට් ගැටවරයින් දෙදෙනෙක් මෙසේ විරෝදය පල කිරීමක් ලෙස චීනයේදී ආගමික මද්යස්ථානයකින් පිටත සිරුරු වලට ගිනි තබා ගෙන ඇති බව වාර්තා වේ. ඒ 18 හැවිරිදි ලොබ්සන්ග් කල්සන්ග් බික්ෂුව සහ 17 හැවිරිදි හිටපු බික්ෂුවක් වන දංචොඑක්ය. ඔවුන් ගිනි තබාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර රෝහලේදී මියගොස් ඇත.