එක අවාසනාවන්ත ගැහැණියක්

| අමිල ගුණරත්න

මේ ගැහැණියට පොලිස්කාරයෙකු විසින් පොල්ලකින් පහරදී අත කඩා දමන ලදී. මේ සිදුවීම ලංකාවේ මිනිසුන් තොග පිටින් හොරට විසා සාදාගෙන හෝ ට්‍රෝලර් වල නැගී හෝ පළා යාමට තැත් කරන ඇමරිකාව කැනඩාව , එක්සත් රාජධානිය , ඕස්ට්‍රේලියාව වැනි රටක සිදු වුයේ නම් පොලිස්කාරයාට රැකියාවද අහිමි වී ඔහු හිරේය. ගැහැණියට විශාල මුදල් වන්දියක් ද ලැබෙනු ඇත. නමුත් මේ අවාසනාවන්ත ගැහැණිය ඉපදුනේ ශ්‍රී ලංකාව නැමති අමන ගෝත්‍රික රටේය. ඒ නිසා මේ සිදුවීම ගැන පොලිසියට , ආණ්ඩුවට මෙන්ම ජනතාවටවත් වගක් නැත. මේවාට නීතිය ඉටු වෙන්නේ නැත. මේවා උදේට ඉර පායන විට කපුටෝ කෑ ගසනවා වැනි ස්වභාවික නිතර දෙවේලේම සිදුවන දේවල් ලෙසට මිනිසුන් සලකති. අහස උසට පන්සල් පල්ලි කෝවිල් සාදන පූජක වියාපරිකයන්ටද මේවා මානවීය බෙදවාචක නොවේ. 

ඔවුනටද මේවා ගැන ගණනක් නැත. ලංකාවේ බුද්ධිමතුන් කියා තමන්ව හඳුන්වාගන්නා පිරිසක්ද සිටිති. ඔවුන්ටද මෙවැනි සිදුවීම් අරබයා සමාජ කතිකාවක නියැලීමේ අවශ්‍යතාවයක් නැත. ඒ මන්ද ඔවුන් සැබෑ බුද්ධිමතුන් නොවන නිසාය. ශ්‍රී ලංකාව යනු අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රටක් බව මෙවැනි සිදුවීම් අපට නැවත වරක් පසක් කර දෙයි. මේ රටේ නීතියක් නැත. දුබලයාව නීතිය මගින් හෝ සමාජ සදාචාරය මගින් ආරක්ෂා නොකෙරේ. මේ රටේ මානව වටිනාකම් නැත. මේ රටේ මිනිසුන් නැත සිටින්නේ වෙන දෙයක් බලාගෙන සිටින ප්‍රේක්ෂකයන් පමණි. උදේ සවස ජරාජීර්ණ කුමන්ත්‍රණකාරී බටහිරට බැන වදින ගුණදාස අමරසේකරලා , නලීන් ද සිල්වලා ,බුරුවංශලා එම ජරාජීර්ණ රටවල පොලිසි වලට ගෑනුන්ගේ අත් ලංකාවේ මෙන් කඩා දැමිය නොහැක්කේ මන්ද යැයි අපට තේරුම් කර නොදෙති.