අතුරුදහන් කරවන පාරාදීසය.


තම රටවැසියන්ගේ ජිවිත වලට වගකීම බාර නොගන්නා රටවල් ඇත්නම් එහි අංක එකට පත්වන්නේ ශ්‍රී ලංකාවයි. චමින්ද කුමාර අතුරුදහන්ව වසර දෙකක් ඉක්මවා ඇත. එහෙත් එම අතුරුදහන්වීම ආණ්ඩුවේ වගකීමක් ලෙස නොසලකා හරින්නට තරම් ම්ලේච්ච වී තිබේ.

ලක්ෂ්මන් චමින්ද කුමාර අතුරුදහන් කරවන විට වයස අවුරුදු 38 කි. පන්නිපිටිය පරණ කොට්ටාව පාරේ පදිංචිව සිටි චමින්ද කුමාර වින්කලයක් පවත්වා ගෙන ගිය අයෙකි.

2010 ජුලි 01 උදේ නිවස ඉදිරියට පැමිණි අයෙක් කුමාර කියා කතා කර බයිසිකලයක් හදා ගන්න තියෙනවා කියා කතා කොට තිබේ. එසේ පැමිණ ඇත්තේ මිරිහාන පොලිසියේ කණ්ඩායමක්. චමින්ද කුමාර තමන් බාරයේ සිටින බවත් කෑම අරගෙන එන ලෙසත් නිවැසියන්ට ලැබුන දුරකථන පණිවිඩයකට අනුව ඔවුන් පසුදින කෑමද අරගෙන ගොස් ඔහුට ලබාදී ඇත. ඒ අවස්ථාවේ ඔහුට වදදී ඇතිබව දකින්නට ලැබී තිබේ. පසුදින නිවසට පැමිණි මිරිහාන පොලිසිය ඔහු පැන ගොස් ඇති බව දන්වා තිබේ.

ඥාතීන් මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල විට තමන් එවැන්නෙක් අත්අඩංගුවට ගෙන නැති බව ප්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වදදීම, මරා දැමීම, අතුරුදහන් කිරීම, ශ්‍රී ලංකා පොලිසියට අලුත් දෙයක් නොවේ. එවන් අවස්ථාවල අමුලික බොරු මවා පෑමද පොලිසියේ ආවේනික ලක්ෂණයයි. ආණ්ඩුවේ වගකීම පරීක්ෂණ පවත්වා චමින්ද කුමාරට වුදේ කුමක්දැයි සොයා බැලීම වේ. ඒ ශිෂ්ට සම්පන්න රාජ්යක වගකීමයි. චමින්ද කුමාර අපරාද වලට සම්බන්ද අයෙක්. කිහිපවිටක්ම සිරගතව සිටි අයෙක්. එහෙත් ඔහුගේ ජීවිතය අහිමි කරන්නට ආණ්ඩුවට නොහැක. පොලිසිය කරන කියනදේ සියල්ලටම ආණ්ඩුව වගකිව යුතුයි.