බුලත්සිංහල පොලිසිය ගහෙන් බාපු රා බෝතලේ අරන් ගිහින් නඩු දමයි.

හර්ෂි සි. පෙරේරා

මෙම වියාජ නඩුවේ අංකය 81489/11 වේ. බුලත්සිංහල පොලිසිය මෙම වියාජ නඩුව පවරමින් මානසික වදයට පත් කලේ 64 හැවිරිදි සෙනදිරගේ ප්රෙමරත්නවයි. ඔහු විවාහක සිවු දරු පියෙකි. රැකියාව කිතුල්මල් කැපීමයි. පදිංචිව සිටින්නේ පිරිස් මයා කඩේ බාරේ, කම්බෝක්කාව පාර, අමරගෙදර, බුලත්සිංහල වේ. 2011.12.12 දින උදේ හෙතෙම කිතුල් ගස් තුනක මල් කපා ගෙන ඇවිත් සිටියදී මෙසේ බුලත්සිංහල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේ පිලිබදව 2011.12.20 දින මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිවයුත්තන්ට ලිකිතව පැමිණිලි කරන ලදී. ඔහු අදිකරණයේදී නිවැරදිකරු බව ප්‍රකාශ කොට ඇත. ඇප මුදලින් රුපියල් 20,000 යි රුපියල් ලක්ෂයක ශරීර ඇප වේ.