මවකගේ අදෝනාව ;- මේ දැන් සිදුවෙමින් පවතින පොලිස් පහරදීමක්.



ර්ෂි සි. පෙරේරා

නාගොඩ විතානගේ චාන්දනී 39 හැවිරිදි දරුවන් සිවු දෙනෙකුගේ මවකි. වවුලුගල කන්ද, පාතවලිවිටිය, උනන්විටිය කළුතර පදිංචිව සිටි. දේවගේ දුෂ්මන්ත අවුරුදු 22 ඇගේ පුතා වේ. 2012.08.10 දින උදේ 11.30 ට පමණ ඔහු සිය බිරිදගේ නිවසේ සිටියදී බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මේ මොහොත්තේ හෙට උසාවි දමනවයි කියමින් බදුරලිය පොලිසියේ රදවාගෙන අමානුෂික ලෙස පහර දෙයි. ඔහුගේ මව අද දින මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, නීතිපතිට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත පැමිණිලි කරන ලදී. ඇය ඒ පිලිබදව මිට සුවල්ප වෙලාවකට පෙර මානව හිමිකම් කොමිසමේ හදිසි ඇමතුමට කතා කල විට එහි නම සදහන් නොකළ නිලදාරියෙක් පොලිස් පහරදීම සදාරනිකරණය වන පරිදි පිළිතුරු දී ඇත.