URGENT;- පානදුර දකුණ පොලිසිය මේ මොහොතේත් 25 හැවිරිදි තරුණයකුට වද දෙයි.



25 හැවිරිදි මන්දලිගේ දිලිප් තුෂාර ප්‍රනන්දුව මේ මොහොතේත් පානදුර දකුණ පොලිසියේ රදවා තබාගෙන මුබාරක් නමැති අපරාද අංශයේ නිලදාරියා සහ සෙසු නිලදාරීන් දස වද දෙයි. ඔහුව 2012.07.11 දින රාත්‍රී 8.30 ට පමණ පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන ඇත. හෙතෙම 232/ඩි 05 ආදර්ශ මාවත, කලුදාවල, පානදුර පදිංචිකරුවෙකි. ඔහුගේ පියාවන සුනිල් ප්‍රනාන්දු මේ පිලිබදව අද 2012.07.12 දින මානව හිමිකම් කොමිසම් සබාවට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කළුතර, ජෙෂ්ට පොලිස් අදිකාරී, පානදුර වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.

හර්ෂි සි. පෙරේරා