මෙක්සිකෝව : හමුදාව විසින් ඇරිසෝනා දේශ සීමාවට යටින් උමගක් සොයා ගනී


l කිෂානි වැලිවිටිගොඩ

මෙක්සිකෝවේ සොනොරෝ ප්‍රාන්තයේ සිට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය දක්වා විහිදුනු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කළ උමගක් මෙක්සිකානු හමුදාව විසින් සොයා ගෙන ඇති අතර එම උමං මාර්ගය මීටර 1.3 උසකින්ද මීටර 18 ක් ගැඹුරින් සහ මීටර 230 ක් දක්වා දුරකට විහිදෙන බව මෙක්සිකානු හමුදාව විසින් සඳුදා දින (09) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

වායු සංසරණය වීමේ පහසුකම්, විදුලි බලය සහ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා කුඩා කරත්ත ද මෙම උමං මාර්ගය සතු විය. මෙක්සිකෝවේ මත් ද්‍රව්‍ය ජාවාරම නිසා ජීවිත 55,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශයට පත් වී තිබේ. මාස දෙකකට පමණ පෙර පිරිමි මළ සිරුරු 43 ක් ද ගැහැණු මළ සිරුරු 6 ක් ද ඒවායෙන් ඇතැම් මළ සිරුරු අංග විච්චේදනයට කර පොලිතින් මලු වල අසුරා අධිවේගී මාර්ගය ඇමෙරිකානු දේශ සීමාවට සම්බන්ධ වන ස්ථානයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබුණි.