අහංගම පොලිසිය පවුද්ගලික සම්බන්දකම් උඩ අසරණයින් තලා පෙළයි.


හර්ෂි සි. පෙරේරා

ගල්බොක්ක හේවාගේ ඉන්ද්‍රානි 60 හැවිරිදි විවාහක තිදරු මවකි. ඇය කේ කේ වත්ත 117 කතළුව අහංගම පදිංචිව සිටින්නීය. වසර 1 1/2 ක පමණ සිට අංක 118 නිවසේ පදිංචි වෙදීක්කරගේ රන්ජිත්, ඔහුගේ පුතුන් වන කසුන් බුද්දික සහ ඔහුගේ බිරිද වන කරුණාවතී යන අයගෙන් ඇයට දරුවන්ට බරපතල හිරිහැර මෙන්ම නිවසට සිදුවන බරපතල අලාබ හානි වලටත් මුහුණදීමට සිදුව ඇත.

මේ පුද්ගලයින් ඇයට සහ ඇගේ පුතෙකුට කඩු මන්නා පිහි වලින් පහර දී බරපතල තුවාල සිදුකල අවස්ථාද තිබේ. මේ සෑම අවස්ථාවකම අහංගම පොලිසියට ඉන්ද්‍රානි පමිනිලිකලද පොලිසිය ගන්නේ ඉහත නම් සදහන් අපරාදය සිදු කරන රන්ජිත් කසුන් බුද්දික සහ කරුණාවතිගේ පැත්තයි.

ඉන්ද්‍රානි මේ පිලිබදව 2012.06.29 දින ජාතික පොලිස් කොමිසම, පොලිස්පති සහ ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. අහංගම පොලිසිය සිදු කරන්නේ නීතිවිරෝදී දුෂිත ක්‍රියාවකි. මෙය අද රටේ පොලිසිය තුල පමණක් නොව රජයේ ඉහල සිට පහලට වියාප්තව පවතින පිළිලයක් හා බදුය.

අපි උතුරේ නිමලරාජන් ගැන මෙන්ම දකුණේ ඉන්ද්රනිලා ගැනද කතා කල යුතුය. උතුරත් දකුණත් සමතුලිත විය යුතුය. මෙය උදාහරණයකින් පැහැදිලි කල හැක. එනම් චෝදනා නොමැතිව රක්ෂිත බන්දනාගාර ගතව සිටින්නේ එල් ටි ටි ඊ සැකකරුවන් පමණක් නොවේ. දකුණේ සිරගෙවල් වල අවුරුදු 07, 08 පමණ කාලයක් සිටින සැකකරුවන් ඕනෑ තරම් ඇත. නමුත් වර්තමානයේ ජනප්‍රිය මාතෘකාව සහ බලවතුන් උඩ පැන පැන කතා කරන්නේ දේශපාලන සිරකරුවන් ගැන පමණි. රටේ නීතියේ සැබෑ විශ්වසනීය වගකිවයුතු වෙනසක් සදහා අවංකව කටයුතු කරන්නේ නම් එක පැත්තකට පමණක් අවදානය යොමු කරන්නේ නැත.