පොලීසියේ ඉල්ලීම ඉවත ලූ පේදුරුතුඩුව විනිසුරුවරියගේ නිවසට ගල් ප්‍රහාරයක්!

පේදුරුතුඩුව දිස්ත්‍රික් ප්‍රධාන විනිසුරු එස්.නන්දසෙකරන් මහත්මියගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහරදි තිබේ.පසුගිය බදදා රාත්‍රියේ විනිසුරුවරයගේ නිවස ආසන්නයට පැමිණි හමුදාවන්ට සමාන කණ්ඩයමක් විසින් ගල්මුල් සහ පොල් කොම්බ වලින් නිවසට දමාගසා නිවසේ වීදුරැ ජනෙල් යනාදියට අලාභහානි කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය 18 වැනිදා යාපනය වඩමාරච්චි නෛල්ලියඩි ප්‍රදේශයේ නිමලරූබන් ඝාතනය සහ ආරක්ෂක අංශ දේමළ ජනතාව මත මුදාහැර ඇති මර්දනයට එරෙහිව පැවැත්වු උද්ඝොෂණයට තහනම් නියෝගයක් ලබා නොදිමට අදාල විනිසුරුවරිය කටයුතු නොකිරිම මෙම ප්‍රහාරයට හෙතුවි ඇති බව වාර්තා වේ.

පසුගිය 18 වැනිදා පෙරවරුවේ යාපනයේ වඩමාරච්චිහි නෙල්ලියඩි ප්‍රදේශයේ පැවැත්වුනු දෙමළ ජනතා උද්ඝෝෂණය එල්ටීටීඊ ව්‍යාපාරයේ කටයුත්තක් බව පෙන්වීම සඳහා ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබුණි.

නිමල රූබන් ඝාතනය හා දෙමළ ජනතාවට ආරක්ශක අංශ වෙතින් එල්ල මර්දනයට එරෙහිව සංවිධානය කොට තිබූ මෙම සාමකාමී උද්ඝෝෂණයට 300කට අධික ජනතා සහභාගිත්වයක් ලැබී තිබුණු අතර උද්ඝෝෂණ්ය පැවැත්වෙමින් තිබුණු අතරේදී යතුරු පැදි දෙකකින් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වනසේ හිස්වැසුම් පැලදි පුද්ගලයන් හතර දෙනෙකු එල්ටීටීඊ සංවිධානයේ කොඩි ‍රැගෙන උද්ඝොෂකයන් අතරේ සැරි සරන්නට වූහ. එසේ නමුත් එහි සිටි සිය ගණනාවක් වූ පොලිස් නිලධාරීහු එම යතුරු පැදිකරැවන් අත්අඩංඟුවට ගැනීමෙන් වැළකුණහ.