කප්පම් සරණ නැවතත් වැඩ පෙන්වයි

සරණ ගුණවර්ධන
l අමිල ගුණරත්න 

කප්පම් ගැනීම ගැන ප්‍රකට දේශපාලකයෙකු වන සරණ ගුණවර්ධන නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියෙන් පුද්ගලික සමාගමක් විසින් ඉදි කරන හොරගොල්ලේ නිවාස වැඩබිමකට පැන ඉදිකිරීම් විනාශ කොට රුපියල් ලක්‍ෂ හතරහමාරක අලාභයක් සිදු කොට තිබේ. මෙසේ ගොඩනැගිලි විනාශ කොට ඇත්තේ ඔහුට කප්පම් නොදීම නිසා බව පැවසේ. මේ සම්බන්ධයෙන් පවතී නඩු විභාගයේ දී අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් බී.ඞී.ආර්.එස්. කුමාර විසින් සරණ ගුණවර්ධන සහ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු 17 දෙනකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප නියම කරන ලදී .මෙවැනි පුද්ගලයන් නීතිය අතට ගැනීම අනුමත නොකරන බව කළ අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී පැවසිය. වියාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා සරණ ගුණවර්ධන උප ඇමතිවරයෙකි. ඔහුව හඳුන්වන්නේ කප්පම් සරණ ලෙසද හඳුන්වයි.