පැහැරගත් ස්ටැන්ලි මුදාහරී



Courtesy: Yukthiya

ජාතික කෞතුකාගාරයේ හොරකම තමන් විසින් සිදුකකල බවට භාර ගන්නා ලෙසට පසුගිය ජුනි 12 වැනිදා සිට අතුරුදහන්ව සිටි කොළඹ ජෝන්ද සිල්වා රඟහලේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ස්ටැන්ලි ලියනගේ මහතාට මැරයන් තර්ජනය කොට ඇති බව වාර්තා වේ.පසුගියදා පැහැර ගැනිමට ලක්වු ස්ටැන්ලි මහතා අද අලුයම 5.00ට පමණ උඩුනුවර ගඩලාදෙනිය හංදිය අසලදී මුදා හැර ඇති බව වාර්තාවේ.

ගතවු දින 20 පුරාවටම ඒ මහතාගේ දෑස් බැද දමා තිබී ඇති අතර ජාතික කෞතුකාගාරයේ සොරකම සිදුකළේ තමා ලෙස පිළිගන්නා ලෙස පැහැරගත් පිරිස ඔහුට තර්ජනය කර තිබේ. කෙසේ වෙතත් ඔහු එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

කොළඹ ජෝන්ද සිල්වා රඟහලේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ස්ටැන්ලි ලියනගේ මහතා පසුගිය 12 වැනි දින දහවල් 2.30ට පමණ කොළඹ කොටුවේ සිට ජෝන්ද සිල්වා රඟහල වෙත ඒමට පිටත්ව ඇති අතර ඒ අතරතුර කාලයේදී ඔහු අතුරුදහන්ව තිබේ.

ජාතික කෞතුකාගාරයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් පසුගියදා ජෝන්ද සිල්වා රඟහලේ ආරක්ෂක නිලධාරීන්ගෙන් රහස්පොලීස් නිලධාරීන් ප්‍රශ්න කර තිබේ. එබැවින් මෙම අතුරුදහන්වීම පිටුපස ආරක්ෂක අංශවල සම්බන්ධයක් ඇති බවට ඥාතීහු සැකපළකර සිටිති.

ස්ටැන්ලි මහතා පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක අංශ බව ගේ සහ පැහැරගැනිම් ක්‍රියාවලිය තුලින් ඉතා පැහැදිලිව තෙරුම්ගත හැකි කාරනාවකි.නොකල වරදකට රාජ්‍ය සේවකයෙකු වරදකරුවෙකු කිරිමට ඇත්තේ කවර උවමණාවක්ද?

නමුත් සත්‍ය එය නොවේ කෞතුකාගාරයේ හොරකම සිදුවු දිනයේ එම ප්‍රදේශයේ ගමන්කල නිළරථයක් පිළිඹදව ඔහු විසින් අනාවරණයක් කර තිබේ. ගෙවුනු මාස කිහිපය තුලදි රජය හා නිදන් හා කෞතුක භාණ්ඩ කොල්ල කෑම් අතර ඇති අවස්ථා සම්බන්ධය රට හමුවේ අනාවරණය වි හමාරය.