ඇෆ්ඝනිස්තානය : විශ්ව විද්‍යාලයක් අසල බෝම්බ පිපිරීමක්


l කිෂානි වැලිවිටිගොඩ 

දකුණු ඇෆ්ඝනිස්තානයේ විශ්ව විද්‍යාලයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඊයේ සිදු වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. සිද්ධියෙන් පුද්ගලයින් 7 දෙනෙකු පමණ මිය යන්නට ඇති විශ්වාස කෙරේ. තවත් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ කන්දහාර් ප්‍රදේශයේ හිටපු තලෙයිබාන් නායක මුල්ලාහ් ඕමාර් ගේ මුලස්ථානයට (වර්තමානයේදී එම ස්ථානය ඇමෙරිකානු හමුදා කඳවුරක් ලෙස භාවිතා වේ) කිලෝමීටර් 2 ක් නුදුරින් කන්දහාර් විශ්ව විද්‍යාලය ඉදිරිපිට බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානි ජෙනරාල් අබ්දුල් රාසක් විදෙස් පුවත් එජෙන්සි වෙත ඊයේ (02) ප්‍රකාශ කර තිබේ. මරාගෙන මැරෙන බෝම්බ කරුවකු විසින් පුපුරන ද්‍රව්‍ය සහිත මෝටර් රථයකින් පැමිණ වීදි හරහා ගමන් කරනු ලැබූ කුඩා ප්‍රමාණයේ මගී බස් රථයක ගැටී තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් 23 දෙන අතුරින් 8 දෙනෙකුගේ තත්වය බරපතල බව තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.