ඉන්දියාව : මහ වැසි හේතුවෙන් පුද්ගලයන් 81 දෙනෙකු මරුට


l කිෂානි වැලිවිටිගොඩ

මේ දිනවල පවතින මෝසම් වැසි සහ කඳු නාය යාම් හේතුවෙන් උතුරු ඉන්දියාවේ අස්සම් ප්‍රාන්තයේ මේ වන විට පුද්ගලයන් 81 දෙනෙකු මරණයට පත් වී ඇති බව වාර්තා වේ. අධික වර්ෂාපතනය නිසා ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවකට තම නිවාස ඇත හැර යාමට සිදු වී ඇතැයි ඉන්දියානු අගමැති මන් මෝහන් සින්ග් විදෙස් පුවත් එජෙන්සි වෙත ප්‍රකාශ කර සිටියේය. අවතැන් වී සිටි ලක්ෂ 5 කට ආසන්න පුද්ගල සංඛ්‍යාවකට ආරක්ෂාව සැපයීමට මේ වන විට එම ප්‍රාන්තයේ සහන සේවා කඳවුරු ස්ථාන ගත කර ඇති බව ඔහු තව දුරටත් අදහස් දැක්විය.

ආපදාවට ලක් වූ ප්‍රදේශ වල ජනතාවට හමුදා හෙලිකොප්ටර් මගින් ආහාර පාර්සල් සහ පානිය ජලය බෙදා හැරීම සිදු කරමින් පවතී. දිස්ත්‍රික්ක 6 ක පවතින ගං වතුර හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මේ දක්වා අතුරුදහන් වී ඇති බවට එරට ප්‍රාන්ත ආපදා කළමනාකරණ එජෙන්සියේ නිලධාරීන් පවසයි.