නයිජීරියාව : ඉන්ධන බවුසරයක් අනතුරට පත් වීම පුද්ගලයන් 100 දෙනෙකුගේ ජීවිත බිලි ගනී.


l කිෂානි වැලිවිටිගොඩ

දකුණු නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක් වීම නිසා එම බවුසරයේ ඉන්ධන එකතු කරගැනීම සඳහා පැමිණි පුද්ගලයන් 100 දෙනෙකු ඉන්ධන බවුසරය පුපුරා යාම නිසා ජීවිතක්ෂයට පත් වූ බව එරටින් වාර්තා වේ. මිය ගිය පුද්ගලයන් අතර ළමුන් සහ කාන්තාවන් සිටින අතර බොහෝ දෙනා මරණයට පත් වී ඇත්තේ පිළිස්සීම හේතුකොට ගෙනය. සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවට වැඩි දුරටත් විදෙස් පුවත් එජෙන්සි වාර්තා වලින් පෙනී යයි. අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහල යා හැකි බවට අනුමාන කෙරේ.

ඉන්ධන අපනයනය කරන ප්‍රධාන රට නයිජීරියාව වුවත්, එරට වැසියන් මිලියන ගණනක් දිළිඳු බවින් පිඩා විඳිති.