මහේෂ් පාලකුබුර එරෙහිව පානදුර දකුණ පොලිසියේ සරත් පෙරේරා


19 හැවිරිදි අවිවාහක තරුණයකු වන මහේෂ් පාලකුබුර බණ්ඩාරගම පදිංචිව සිටින අතර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවය කරයි. 2012.06.16 දින බුලත්විට ගැනීමට කඩයට යමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඔහුව අසල නිවසකට රැගෙන ගොස් එහි දොර වසා අතින් පහරදී ඇත. ඔවුන් පානදුර දකුණ පොලිසියේ සරත් පෙරේරාට හොරෙක් ඇල්ලුවා එන්න කියා දුරකථන පණිවිඩයක් දී තිබේ. ඔහු පැමිණ මහේෂ්ගේ යටිපතුල් වලට පොල්ලකින් පහර දී ඇත. පසුව ඔවුන් මේකට තුෂාර හා දමිත් සම්බන්ද බව කියන්න නැතිනම් කකුල් කපනවා යනුවෙන් තර්ජනය කර ගස් කපන මැෂිම ස්ටාට් කර අසලින් තබා රෙකෝඩ් කර ඇත. මහේෂ් බයට එසේ කියා තිබේ. පසුව ඔවුන් නැවතත් ඔහුට පහරදී බණ්ඩාරගම පොලිසියට ගෙන ගොස් කුඩුවට දමා ඇත. පසුව හොරණ උසාවියට ඉදිරිපත් කර රක්ෂිත බන්දනාගාර ගත කර ඇත. ඔහුට බන්දනාගාරයේදීද එහි සිටි නිලදාරීන් විසින් පහර දෙන ලදී. පසුව ඇප මත නිදහස්ව බණ්ඩාරගම රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඔහු පානදුර දකුණ පොලිසියේ සරත් පෙරේරා, වසන්ත නමැති අය සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදීම ගැන සරත්ට එරෙහිව නිතියනුකුල සහ විනයානුකුල පියවර ගන්නයි 2012.06.21 දින මානව හිමිකම් කොමිසමෙන්, පොලිස්පතිගෙන්, පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිගෙන් සහ කොලබ ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිගෙන් ලිකිත පැමිණිලි මගින් ඉල්ලා සිටියේය.

හර්ෂි සි. පෙරේරා