ජනපති දේශනය අත්හිටවුයේ ඇයි ? බ්‍රිතාන්‍ය පිළිතුරු දෙයි.



ජනපති රාජපක්ෂගේ පොදුරාජ්ජය මණ්ඩල වියාපාරික කවුන්සිලයේ දේශනය අවලන්ගුවිම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව බ්‍රිතාන්‍ය නීති ක්‍රියාත්මක කිරීමේ අදිකාරියට චෝදනා කරන ලදී. එයට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා සරා මෙන් පිළිතුරු දී ඇත. ඇය කියා සිටින්නේ බ්‍රිතාන්‍ය සිය පුරවැසියන්ට විරෝදතා දැක්වීමට ඇති විවස්ථාපිත අයිතියට ගරු කරන බවය. ඇය වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම අයිතිය කතා කිරීමේ නිදහස සමග තුලනාත්මක වියයුතු බවයි. තවද ශ්‍රී ලංකා ජනපතිගේ දේශනය අවලංගු වුයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ තීරණයක් මත නොවන බවත් ඇය පවසන්නීය. එම තීරණය ගෙන ඇත්තේ පොදුරාජ්ජය මණ්ඩලීය වියාපාරික කවුන්සිලය මගිනි. ඒ නගරයේ විරෝදතා සදහා මහා පරිමාණයෙන් පොලිසිය යෙදවුවිට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙනය. ඒ නිසා තමන්ද එම තීරණයට ගරුකළ බව ඇය වැඩි දුරටත් සදහන් කර සිටින්නීය.

හර්ෂි සි. පෙරේරා