අතරමන් වූ අයිශ්චර්යේ දියණිවරු 130 ක් පෙරලා මවුබිමට.



අද උදැසන සවුදි අරාබියේ අතරමංව සිටි ගෘහ සේවිකාවන් 130 ක් පෙරලා ශ්‍රී ලංකාවට පැමිණියහ. මේබව ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සනාථ කරන ලදී. ඔවුන් ටිකකලක් සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය ලැබුහ. මෙසේ සියරට පැමිණීමට අදාල වගකිවයුත්තන් ඔවුන්ට ගුවන් ටිකට්පත් ආදිය ලබාදෙමින් අවශ්‍ය පහසුකම් සපයන ලදී. මෙම ගෘහ සේවිකාවන්ගෙන් බහුතරය තම සුවාමියාගේ නිවසින් පැන ගිය අය හෝ සේවා කාලය ඉක්මවා රැදී සිටි අය බව වාර්තා වේ.

හර්ෂි සි. පෙරේරා