| සුනන්ද දේශප‍්‍රිය
නීතිපති තනතුර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක‍්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි.
මොහාන් පිරීස් මහතා ශ‍්‍රී ලකාවේ හිටපු නීතිපති ය. දැන් ඒ මහතා අමාත්‍ය මංඩළයේ නීති උපදේශක ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන්හිදී මෙන්ම ඒ අතර තුර ශ‍්‍රී ලංකාණ්ඩුව එහි පවත්වන සමාන්තර රුස්වීම්වලදී අමාත්‍ය සමරසිංහගේ දෙවැනියා ලෙස පෙනී සිටින්නේ ද ඒ මහතා ය. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ මානව හිමිකම් යාන්ත‍්‍රයන්හි ශ‍්‍රී ලංකාව සම්බන්ධ සැසිවාරයන්ට සහභාගිවන ලංකාණ්ඩුවේ නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ ද මෙම මොහාන් පීරිස් මහතාම ය.
2001 නොවැම්බර් මාසයේ දී ජිනීවා හි පැවැති වධහිංසා සම එවැනි අමානුෂික සැළකීම් වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතින්ගේ කමිටුවට පැමිනි ලංකාණ්ඩුවේ ¥ත පිරිසට නායකත්වය දුන්නේ ද මොහාන් පීරිස් මහතා ය. අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ කමිටුව විසින් නගන ලද ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මොහාන් පිරිස් මහතා කීවේ ඔහු විදෙස් රටක ජිවත්වන බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවයි.
ඒ සා බලගතු රාජ්‍ය නිලධාරියකු විසින් එවැනි ප‍්‍රකාශයක් කළ විට එය කිසිවකු සැහැල්ලූවෙන් බැහැර කරන්නේ නැත. සන්ධ්‍යා එක්නැළිගොඩ එනම් ප‍්‍රගීත්ගේ බිරිද ද එම ප‍්‍රකාශය බරපතල ලෙස සළකා මත සැමියා සහ තම දරුවන් දෙදෙනාගේ පියා සිටිනා රටක් අධිකරණයට පැමිණ තමාට දැනුම් දෙන්නැයි නීති මාර්ගයෙන් හිටපු නීතිපති, වත්මන් අමාත්‍ය මංඩළ නීති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ලංකාන්ඩුව නියෝජනය කරන මොහාන් පිරිස් මහතාගෙන් ඉල්ලා සිටියා ය.
ඒ මහතා අධිකරණයට පැමිණිම හැකිතාක් දුරට මඟ හැරියේ ය. නොපැමිණ සිටීමට නීති නිමිති සෙවුයේ ය. අවසානයේ දී මහාධිකරන නියෝගයක් මත පසුගිය 05දා සාක්ෂි දීම පිනිස හෝමාගම අධිකරණයට පැමිණියේ ය.
ඒ තරම් බලගතු හිටපු නීති නිලධාරියා අධිකරණය හමුවේ කීවේ මෙය යි, ‘‘ මම එක්සත් ජාතීන්ගේ වධහිංසා වැලැක්වීමේ කමිටුව ඉදිරියේ ප‍්‍රගීත් ගැන කියුවේ අසා දැනගත් කතාවක් මිසක් සනාථ වූූ කතාවක් නොවෙයි. ඒ නිසා ප‍්‍රගීත් එක්නැළිගොඩ සිටින රටක් මා දන්නේ නැහැ’’ ඔහු මෙසේ ද කීවේ ය: ‘‘එම කමිටුවේ දී විදේශකයො කට්ටියක් මා කී දේ පිළි නොගෙන ප‍්‍රශ්ණ කරා. ප‍්‍රගීත් ගැන ප‍්‍රශ්ණය ඇහුවේ ඇමෙරිකානු ගැහැණියක්’’ ලංකාණ්ඩුවේ මේ උසස් නිලධාරියා විදේශිකයින් කට්ටියක් යැයි කීවේ වධහිංසා වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සාමාජික පිරිසට ය. ඇමෙරිකානු ගැහැණියක් යැයි කීවේ එම කමිටුවේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ප‍්‍රධානියා වූ ෆිලීෂියා ගර් මහත්මියට ය.
අතුරුදහන් වූ ජනමාධ්‍යවේදියකු, සැමියකු සහ පියකු ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවෙහි ශ‍්‍රී ලංකාවේ නීතියේ පාලනය දරා සිටින ආයතන රටාවක ප‍්‍රධානියකු විසින් දැන දැන කරන ලද මෙම ප‍්‍රකාශය මිනිස් ජීවිතය කෙරෙහි වත්මන් ශ‍්‍රී ලංකාවේ ඇති වගවීමේ තරම පෙන්වන කැඩපත් නොවේ ද? එවැනි රටක නීතියේ පාලනය ගැන කාට කියන්න ද?
පසුගිය දිනෙක තවත් එවැනිම කැඩපතක් අපේ මුහුණට අල්ලා පෙන්වීමට ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂය වන ශ‍්‍රීලංනිපය සමත් වූවා ය. ඒ අමාත්‍ය මර්වින් සිල්වා ජනමාධ්‍යවේදීන්ගේ කකුල් කඩන කතාවක් කියා නැති බැවින් එම පක්ෂයේ විනය කම්ටුව විසින් ඔහු නිදහස් කිරීම විසිනි. එනමුත් කතාව රූපවාහීනි නාලිකා මගින් රටම දැක තිබුණි.
ඒ මහතාට එරෙහිව කරන ලද වෝදනාව වූයේ විදෙස්ගත ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් හෝ පසුගිය මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි ශ‍්‍රී ලාංකික රාජ්‍ය නොවන ක‍්‍රියාකාරිකයකු හෝ යළි සිය රට පැමිණිය හොත් ඔවුන්ගේ දෙපා බිඳන බවට ඔහු විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බවයි. ඒ දිනවලම මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ද මෙම තර්ජනය හෙළා දුටුවේ ය. එමෙන් ම මානව හිමිකම් කවුන්සිලයේ සැප්තැම්බර් සැසිවාරයට ඉදිරිපත් කැරෙන මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එජා මහ ලේකම් වාර්තාවෙහි ද මෙම තර්ජනය සටහන් වී තිබෙනු නියත ය. එනමුත් දැන් සිල්වා එවැනි ප‍්‍රකාශ්‍යක් කර නැතැයි ශ‍්‍රීලනිප විනය කමිටුව තීරණය කර තිබේ. ජනමාධ්‍ය වාර්තා දක්වන්නේ එම කමිටුවට සාක්ෂි දුන් ඇමැතිනී පවිත‍්‍රා වන්නි ආරච්චි ජනමාධ්‍යයේ පළවන සියල්ළ ඇත්ත නොවන බැවින් එවැනි වාර්තා උඩ ඇමැතිවරයකුට දඬුවම් නොකළ යුතු බව කියා සිටි බව ය.
ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චිට අනුව රූපවාහනී තිරයේ පෙන්වන දර්ශන පවා විශ්වාශ නොකළ යුතු ය. මන්ද යත් ඇමැති මර්වින් කළ කකුල් කඩන කතාව ආණ්ඩුවේ ම ඇමැති පවුලකට අයත් දෙරණ රූපවාහිනියේ විකාශණය කරන ලද අතර තවමත් යූ ටියුබ් ජාලයෙන් දැක අසා ගත හැකි නිසා ය. වත්මන් ශ‍්‍රි ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය ශ‍්‍රීලනිප යි. ජනාධිපති අගමැති අයත් වන්නේ ද ඇත්ත වශයෙන්ම නම් ආණ්ඩුව පාලනය කරන්නේ ද එම පක්ෂය යි. එැවැනි පක්ෂයක මධ්‍යම කාරක සභාව වැරුද්ද නිවැරුද්ද තීරණය කරන්නේ ඇමැතිනී පවිත‍්‍රාගේ අපවිත‍්‍ර කතා අසා නම් එම පක්ෂ විසින් පාලනය කරන රටට යන කළ දවස ගැන කුමණ කතා ද?
මෙයට පෙර ඇමැති මර්වින් විසින් සිය ආරාධනයෙන් ම ජනමාධ්‍ය ගෙන්වා ඔවුන් ඉදිරිපිට (සිය දරුවාගේ අසනීපයක් නිසා) ඩෙංඟු මර්දන වැඩ සටහනකට සහභාගි නොවී යැයි බැණ වැදී සමෘද්ධි නියාමකයකු ගස් බැන්දේ ය. එය මුළු රටම දැක්කේ ය. මහා බලගතු ශ‍්‍රීලනිප ය ඒ අවස්ථාවේදී ද විනය පරීක්ෂණයක් පවත්වන ලදී. එම විනය පරීක්ෂණයේ නිගමනය වුයේ එදින සිදුව ඇත්තේ ගස් බැදීමක් නාව නාට්‍ය රංගනයක් බව යි. රටේම ජනයා මෝඩයින් ලෙස සළකා කටයුතු කරන ආණ්ඩු පක්ෂයක් ඇති රටක මහා ජනයාට යන කළ දවස ගැන කුමණ කතා ද?
ජිනීවා මානව හිමිකම කවුන්සිලයේ පසුගිය මාර්තු සැසිවාරයේ දී ඇමෙරිකානු යෝජනාව පරාජය කිරීමේ සටනට ලංකාණ්ඩුව විසින් කැදවන ලද මුස්ලිම් ප‍්‍රභූවරයකු වූයේ සවුදි අරාබියේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයකු වන නීතිඥ ජාවිඞ් යූසුප් ය. ඔහු මහත්මා ගුණයෙන් පිරි මිනිසෙකි. ඒ මහතා ලංකාණ්ඩුව පසසමින් සමාන්තර රුස්වීම් දෙකකදී ම කථිකයකු ක‍්‍රියා කළ අතර මුස්ලිම් රටවල තානාපතිවරුන් හමු වීම සඳහා ද මූලිකත්වය ගත්තේ ය.
පාලක පක්ෂ කණඩායම්හි අනුබල ඇතිව බෙෘද්ධ පූජක පිරිස් විසින් දඹුල්ලේ මුස්ලිම් දේවස්ථායට පහර දී එය ඉවත් කිරීමේ උද්ඝෝෂනය දියත් කල අවස්ථාවෙහි එම ජාවිඞ් යූෂුප් මහතා සන්ඬේ ටයිම්ස් පුවත් පතට ලිපියක් ලියමින් වෙනත් කරුනු අතර මෙසේ සඳහන් කළේ ය:
‘‘දඹුල්ල දේවස්ථාන සිදුවීම සමස්තයක් වශයෙන් රටට අදාළ ප‍්‍රශ්ණ ගණනාවක් මතු කරයි. එම සිදුවීම රුපවාහිනියෙන් දුටු පිරිස් අඩුම වශයෙන් අපරාධ නීති සංග‍්‍රහයෙහි එන අපරාධ තුනක් නිරීක්ෂනය කරන්නට ඇත. එනම් නීති විරෝධි රංචු ගැසීම, අපරාධකාරී ලෙස බිය ගැන්වීම සහ අපරාධකාරී ලෙස බලහත්කාරයෙන් ඇතුළු වීමය. ඊට අමතරව ආගම ඇදහීමේ මූලික නිදහස උල්ළංඝනය කරනු දක්නට ලැබුණි.
මෙම සිදුවීමෙහි ඇති බිය ජනක කරුණ නම් මෙම සියළු අපරාධ සිදු කැරුණේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරීන් අබියස වුවද අපරාධකරුවන් අත් අඩංඟුවට ගැනීම කිසිදු පියවරක් නොගැනීම යි.
එම මැර පිරිස විසුරුවා හැරීමටත් නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරීන් ඉදිරියෙහිම කරන ද එම අපරාධයන් වැළැක්වීමට පියවර නොගැනීමට හේතු සොයා දැන ගැනීම පිණිස වහාම පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය ය. ’’
කුමණ පරීක්ෂණයක් ද? දැන් ඒ ගැන හා හූවක්වත් නැත. ආණ්ඩුව බරපතල අභියෝගයකට මුහුණ දී සිටිය දී එහි පාබල සෙබළකු බවට පත් වෙමින් මානව හිමිකම් කොමිසමට පැමිණි ප‍්‍රභූවරයකුගේ එම ආයාචනය දැන් ආණ්ඩුව විසින්ම ඉතිහාසයේ කුණු කූඩයට යවා තිබේ. සාමන්‍ය ජනයකු කරනු ලබන එවැනි ආයාචනයකට කුමක් නොවෙනවා ඇත් ද? ඔහුටත් එහෙම නම් අපට කොහොම වෙයි ද?
සසිරිබර සිරි ලංකාවේ මිත්‍යාව සහ යතාර්තය පෙන්වන මෙවැනි සිදුවීම් කොතෙක් නම් වෙත්ද? අප නොදන්නා සිදුවීම්, අප දැන දැනත් කතා බව නොකරන සිදුවීම් කොපමණ වෙත් ද? බිමි මට්ටමේ සිට රජ ගෙදර දක්වා සිදුවන සිදු කැරෙන සිදුවිම් කොපමණ වෙත් ද? අපේ සමස්ත සමාජ මානසිකත්වය නිමැවෙන්නේ මෙම බිය ගැන්වීමේ සහ වරදාන සැපයීමේ ද නීතියේ පාලනය තුට්ටුවකට මායිම් නොකිරීමේ ද වගවීමක් නැති බලයේ අධිපත්‍ය මගින් පමණක් යුක්තිය සහ සාධාරණත්වය තීරණය කිරීමේ ද දේශපාලන ක‍්‍රියාවළිය සහ සංස්කෘතිය විසිනි.
කොලෙන්නාව සුදු වෑන් මිනීමරුවෝ, විලච්චිය එස්ටීඑප් නිදන් හොරු, කොළඹ කෙෘතුකාගාර හොරු, මෙන්ම ඒ අස්සේ රිංගන රංගන ඉන්දීය නිලි සුරතලියන්, විවාහයකට අත්සන් තැබීමට ගුවන් යානයක් රැුගෙන තායිලන්තයේ සිට පැමිණ ඒ සැනෙන් ආපසු යන රජුන්, ...... එකම ජාලයක පුරුක් ය.
මේ ලිපියට අවසානයක් කල්පනා කරමින් සිටින අතර තුර ජෙනරල් පොන්සේකා ඇතුළු පිරිස රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමට යන්නේ යැයි පැතිර යන කතාව දැන ගන්නට ලැබුනි. ඉහත කී දේශපාලන ක‍්‍රියාවලියේම දිගුවක් බවට පත්වීමට ඉරණම් ලැබිය හැකි එම වර්ධනය වත්මන් සමාජ අර්බුදය පෙන්වන අවසානයක් නොවේ ද?
Post a Comment