බේරුවල පොලිසිය සුළු ජාතිකයකු දින 04 ක් රදවා තබා ගෙන පහර දී ඇත.

2012.05.28 දින බේරුවල පොලිසිය වරෙන්තුවකට මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගෙන දින 04 ක් පොලිසියේ රදවා තබා ගෙන අමානුෂික ලෙස පහර දී ඇත. ඔහු නමින් මොහොමඩ් ජෙමිල් මොහොමඩ් නයීම් වේ. හෙතෙම 35 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. කම්කරුවකු ලෙස රැකියාව කරයි. බේරුවල පදිංචිව සිටි. ඔහු වරෙන්තු වුයේ කළුතර අදිකරණයේ පවතින අංක 65371 නඩුවටය. ඔහුගේ බිරිද පවසන ආකාරයට පොලිස් පහරදීම නිසා ඔහුගේ එක කකුලක් කැඩී තිබිණි. තවද ඔහුගේ ශරීරයේ තැනින් තැන ඉදිමි තුවාල වී තිබෙනු දක්නට හැකි විය. චයාරුපයේ සිටින්නේ ඔහුගේ බිරිද සහ දරු දෙදෙනායි. දැනට හෙතෙම බන්දනාගාර ගත කර ඇත. ඔහුට වයිද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බේරුවල පොලිසියේ සිද්දියට වගකිව යුතු පොලිස් නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහුගේ බිරිද රිහනා 2012.06.05 දින මානව හිමිකම් කොමිසම් සබාවෙන්, පොලිස්පති සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිගෙන් ලිකිතව ඉල්ලා සිටියාය.

හර්ෂි සි. පෙරේරා