ස්ත්‍රී දූෂක නුවන් ප්‍රසාද් කණ්ඩම්බිගේ ජරාව කෑ අනුරාධපුර පොලිසියේ හිවල්ලු වැඩ තහනමට

| අමිල ගුණරත්න

අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පේමතුංග හේවා කණ්ඩම්බිගේ පුතාය. ඔහු විසින් පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කරන ලදී. නමුත් මෙම අපරාධය සම්බන්දයෙන් අනුරාධපුර පොලිසිය කිසිදු පියවරක් ගත්තේ නැත. එයට හේතුව කෝටිපති ව්‍යාපාරිකයා විසින් පොලිස් නිලධාරීන්ට යහමින් සලකා තිබීම නිසාය. නමුත් පසුව මෙම අපරාධය යලි විභාග විය. දැන් ස්ත්‍රී දූෂක නුවන් ප්‍රසාද් කණ්ඩම්බිගේ ජරාව කෑ අනුරාධපුර පොලිසියේ හිවල්ලුන්ට ඒවා වැමෑරීමට සිදුවී තිබේ. බාල වයස්කාර පාසල් දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද නුවන් ප්‍රසාද් කණ්ඩම්බිට එරෙහිව චෝදනා ගොනු කිරීම මඟ හැරිය අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් නොබෝදා වැඩ තහනමට ලක් කෙරුණි මෙසේ වැඩ තහනමට ලක්‌කොට ඇත්තේ අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ හිටපු ප්‍රධාන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී ජයසේන, අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩී. එම්. රංජිත් වීරසූරිය, සුළු පැමිණිලි අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. තෙන්නකෝන් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක යමුනා කාන්ති යන අයයි. පසුගිය ජනවාරි මස 12 වන දින දී පාසල් ඇරී නිවසට යමින් සිටි 13 හැවිරිදි සිසුවියක් කැබ්රියක දමා ගෙන ගොස් අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේ දී දූෂණය කළ බවට නුවන් ප්‍රසාද් කණ්ඩම්බි චෝදනා ලැබ සිටින අතර ඔහුගේ පියා වන පේමතුංග හේවා කණ්ඩම්බි යන ව්‍යපාරිකයා ඊට ආධාර අනුබල දී ඇත. මෙම දූෂණය සම්බන්ධයෙන් දැරිවියගේ මව අනුරාධපුර පොලිසියට පැමිණිලි කල විට අපරාධකාරයාගේ මුදලට යට වන පොලිසිය දුෂණයට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම වලකා උපදෙස් දෙන්නේ දුෂණයට ලක් වූ දැරිවිය නිවසට ගොස් සෝදා පිරිසිදුව පසුදින ‍ලේ තැවරුණු ඇඳුම්ද රැගෙන ‍පොලිසියට පැමිණෙන ලෙසය. අනුරාධපුර පොලිසියේ කරුණාවට පින්සිද්ද වන්න ස්ත්‍රී දුෂකයා මස හතරක් නිරුපද්‍රිතව සිටි අතර ගම් වැසියෙකු විසින් යොමු ලද පෙත්සමක් නිසා කරුණු විභාග කල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්ත්‍රී දූෂකයා අත්අඩංගුවට ගන්නා ලදී.